උත්තම ගුරු වන්දනා – ගුරු උපහාර උත්සවය 2018

නාලන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධාන කරන “උත්තම ගුරු වන්දනා – ගුරු උපහාර උත්සවය” මෙවරත් අති සාර්ථකව ඔක්තෝබර් මස 28 වන ඉරිදා දින විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ දී පැවැත් විය. නාලන්දාව තුළ සිප් සතර හදාරා තම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කර, වර්ථමානය වන විට වෛද්‍ය සේවයේ නියුතු ආදි නාලන්දීයයන් රැසක් තමන්ට අකුරු කරවූ … More උත්තම ගුරු වන්දනා – ගුරු උපහාර උත්සවය 2018

SILVER FLAMES 2018

කොළඹ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් සංවිධාන කෙරුණු “SILVER FLAMES 2018” බාලදක්ෂ කඳවුර සහ රාත්‍රී ගිනිමැල සංදර්ශනය මෙවරත් අති සාර්ථක අයුරින් ඔක්තෝබර් මස 28 වන ඉරිදා දින දවස පුරා විද්‍යාලයීය ක්‍රිඩාංගනයේ දී සහ ශ්‍රවනාගාර පරිශ්‍රයේ දී පැවැත්විණ. ආරාධිත පාසල් ගණනාවක බාලදක්ෂ බාලදක්ෂිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් ඇරඹි කඳවුරෙහි, ශ්‍රී ලංකා යුධ හමුදාවේ දායකත්වයෙන් සංවිධාන කළ ත්‍රාසජනක ක්‍රියාකාරකම් … More SILVER FLAMES 2018

17වන එම්.ඩබ්.කරුණානන්ද හොකී අභියෝගතා කුසලානය 2018

කොළඹ නාලන්දා විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය අතර 17 වන වරටත් සංවිධානය කෙරෙන එම්.ඩබ්.කරුණානන්ද අභියෝගතා කුසලානය සඳහා වූ හොකී තරඟය මෙවරත් 2018 වර්ෂයේ ඔක්තෝබර් මස 27 වන සෙනසුරාදා දින, එනම් ඊයේ දිනයේ කොළඹ කෘතිම හොකී තරඟ පිටියේදී පැවැත්විණ.මෙම හොකී තරඟය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණියේ මේජර් ජනරාල් ඩඩ්ලි වීරමන් මහතාය.ඔහු 1981 වර්ෂයේ නාලන්දා විද්‍යාලයේ හොකී … More 17වන එම්.ඩබ්.කරුණානන්ද හොකී අභියෝගතා කුසලානය 2018

XENOS`18 සහ INFINITAS 18

නාලන්දා විද්‍යාලයීය විද්‍යා සංගමය විසින් සෑම වසරක් පාසාම සංවිධාන කරන වාර්ෂික විද්‍යා දැනුම මිනුම තරඟාවලිය, “INFINITAS 18” ඔක්තෝම්බර් මස 04 වැනිදා ද, එහි ජයග්‍රාහකයින් අගයන්නට සංවිධාන කළ වාර්ෂික විද්‍යා දිනය මෙවර “XENOS`18” නමින් ඊයේ දින (ඔක්තෝම්බර් මස 19 වැනිදා) ද විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මහාචාර්ය රන්ගික හල්වතුර මැතිඳුන් ද … More XENOS`18 සහ INFINITAS 18

නාලන්දා සේයා 2018

නාලන්දා විද්‍යාලයීය ඡායාරූප හා කලා සංගමය විසින් වාර්ෂික සංවිධාන කරන ඡායාරූප හා කලා දිනය, මෙවරත් “නාලන්දා සේයා 2018” නමින් අති සාර්ථකව විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී ඔක්තෝම්බර් මස 12 වන සිකුරාදා දින පැවැත්විය. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආදී නාලන්දීය හැරිස් විජේසිංහ මැතිතුමන් ද, විශේෂ ආරාධිත අමුත්තිය වශයෙන් නාලන්දා විද්‍යාලයීය ඡායාරූප හා කලා සංගමයේ හිටපු භාර ආචාරිනී නිර්මාලා … More නාලන්දා සේයා 2018