දැයේ අධ්‍යාපනයට අපෙන් සවියක්

සැමවිටම උදරාර්ථ පසකලා උදාරාර්ථ මුදුන් කොටගෙන සීමාන්තික දෘෂ්ටියෙන් එහා ගමනක් යන නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් හිටපු විදුහල්පති ගරු තිලක් වත්තුහේවා මැතිතුමාගේ සංකල්පක් යටතේ; විද්‍යාලයේ ඇඳුරු මඩුල්ලේ පූර්ණ අනුග්‍රහය යටතේ සමස්ත ශ්‍රී ලාංකීය සිසු සිසුවියන්ගේ අධ්‍යාපනයට රුකුලක් වෙමින් නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ නිල වෙබ් පිටුව හරහා රටෙහි ඕනෑම සිසු සිසුවියකගේ ප්‍රයෝජනයට ගත හැකි අයුරින්, 4 … More දැයේ අධ්‍යාපනයට අපෙන් සවියක්

නාලන්දා විද්‍යාලයේ සියලුම පන්ති කාමර හා විද්‍යාල භූමිය විෂබිජහරණ වැඩසටහන

කීර්තිමත් ආදි නාලන්දීය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීම හා නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගීතාවය මත නාලන්දා විද්‍යාලයේ සියලුම පන්ති කාමර හා විද්‍යාල භූමිය විසබීජහරණය කිරීමේ දැවැන්ත මෙහෙයුමක් පොලිස් නිලධාරීන් තුන්සියයකට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් ජූනි 29 වැනිදා පවත්වන ලදී. මේ සඳහා සිරස මාධ්‍යජාලය අනුග්‍රහය ලබා දුනි.

“රටක් වටින පොතක්” ලිවීමේ ජාතික වැඩසටහන

නිර්මාණශීලී දරු පරපුරක් බිහිකිරීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දියත් කරනු ලබන “රටක් වටින පොතක්” ලිවීමේ ජාතික වැඩසටහනට ඔබත් සහභාගි වන්න.
මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත්කරන ලද චක්‍රලේඛය පහත දක්වා ඇත … More “රටක් වටින පොතක්” ලිවීමේ ජාතික වැඩසටහන