Opening of the newly constructed building of Hettikanda Primary College, Rathnapura

Nalanda College Scout Troop constructed a new school building for Grade 5 students of Hettikanda College, Ratnapura presided over by the Senior scout Movindu Dinusara Wickramaarachchi as the community service project for his President’s Scout Award. The event was officiated by the Rathnapura Zonal Director of Education, Mrs. Shanthi Wijesinghe and the Assistant Principal of … More Opening of the newly constructed building of Hettikanda Primary College, Rathnapura

ලොව දිනූ නාලන්දියෙක්

නාලන්දීයන් සැමවිටම ඉදිරියෙන් සිටින්නේ රටක් අබිබවා ලෝකය ජයගන්නට තරම් ඔවුනට ශක්තියක් තිබූ බැවිනි. ඒ ආකාරයටම නාලන්දාවෙන් අධ්‍යාපනය ලබා ඉදිරියටම ගමන් කළ තවත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අද වන විට නාලන්දාවට තවත් ගෞරවයක් ලබාදීමට සමත් වී ඇත. එතුමන් නාලන්දා කීර්ති ශ්‍රී මහාචාර්ය චන්දන ජයරත්න මහතායී. ශ්‍රී ලංකාවේ අකුණු පර්යේෂණයෙහි පුරෝගාමියෙකු වූ එතුමන් මොරටුව පිහිටි ආතර්.සී ක්ලාක් නූතන තාක්ෂණ ආයතනයෙහි උපදේශකවරයෙකු ලෙසද සේවය කර ඇත. තාරකා විද්‍යා අංශයෙන්ද, විශාල පර්යේෂණ ගණනාවක් සිදුකළ එතුමා හට කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ ,විද්‍යා පීඨයේ ,පීඨාධිපති ධූරය පිරිනමන ලදී. නාලන්දාවට තවත් මෙවන් වූ අභිමානයක් ලබාදීම වෙනුවෙන් සමස්ත නාලන්දාවේ සුභාසිංශන. … More ලොව දිනූ නාලන්දියෙක්

නාලන්දා විද්‍යාලයේ සියලුම පන්ති කාමර හා විද්‍යාල භූමිය විෂබිජහරණ වැඩසටහන

කීර්තිමත් ආදි නාලන්දීය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීම හා නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගීතාවය මත නාලන්දා විද්‍යාලයේ සියලුම පන්ති කාමර හා විද්‍යාල භූමිය විසබීජහරණය කිරීමේ දැවැන්ත මෙහෙයුමක් පොලිස් නිලධාරීන් තුන්සියයකට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් ජූනි 29 වැනිදා පවත්වන ලදී. මේ සඳහා සිරස මාධ්‍යජාලය අනුග්‍රහය ලබා දුනි.

රණවිරුවන්ගේ සුව සහනයට දිරියක් වු නාලන්දාව

පැතිරයමින් පවතින covid-19 වසංගත තත්ත්වය හේතුවෙන් ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්හි නිවාඩු අවලංගු කිරීමත් සමගම එම හමුදා නිලධාරීන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සම්බන්ධව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හමුවේ අප පාසලද තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතයට ගන්නා ලදී. අප පාසලේ ප්‍රාථමික අංශයේ කොටසක නේවාසිකව සිටින නාවික හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීමටත් ඔවුන්ගේ ඕනෑ එපාකම් පිළිබඳ සොයා බැලීමටත් නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය කටයුතු කළ අතර එහිදී එදිනෙදා ඔවුනට අවශ්‍ය විෂබීජ නාශක දියර සහ මුහුණු ආවරණ තොගයක් ලබාදීමට අප සංගමය විසින් කටයුතු කරන ලදී. … More රණවිරුවන්ගේ සුව සහනයට දිරියක් වු නාලන්දාව

“රටක් වටින පොතක්” ලිවීමේ ජාතික වැඩසටහන

නිර්මාණශීලී දරු පරපුරක් බිහිකිරීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දියත් කරනු ලබන “රටක් වටින පොතක්” ලිවීමේ ජාතික වැඩසටහනට ඔබත් සහභාගි වන්න.
මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත්කරන ලද චක්‍රලේඛය පහත දක්වා ඇත … More “රටක් වටින පොතක්” ලිවීමේ ජාතික වැඩසටහන