ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් සිය ධූරයෙහි වැඩ භාර ගනියි

2017 වර්ශයේ සිට 2020 වර්ශය දක්වා පුරා වසර 3ක් නාලන්දා මවුන්ගේ නියමුවා වෙමින්, නාලන්දාව ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේද දිදුලවාලීමට පුරෝගාමී වූ ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් 2020 වර්ශයේදී නාලන්දා මවුනට සමුදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් වැඩ බාර ගන්නා ලදී. පසුව නැවතත් නාලන්දා මවුන්ගේ නියමුවා වෙමින් අද දිනයේදී (14) නාලන්දා විද්‍යාලයේදී, ආගමික වතාවත් වලින් … More ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් සිය ධූරයෙහි වැඩ භාර ගනියි

නාලන්දා විද්‍යාලයේ සියලුම පන්ති කාමර හා විද්‍යාල භූමිය විෂබිජහරණ වැඩසටහන

කීර්තිමත් ආදි නාලන්දීය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීම හා නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගීතාවය මත නාලන්දා විද්‍යාලයේ සියලුම පන්ති කාමර හා විද්‍යාල භූමිය විසබීජහරණය කිරීමේ දැවැන්ත මෙහෙයුමක් පොලිස් නිලධාරීන් තුන්සියයකට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් ජූනි 29 වැනිදා පවත්වන ලදී. මේ සඳහා සිරස මාධ්‍යජාලය අනුග්‍රහය ලබා දුනි.

“නාලන්දා බුද්ධාභිවන්දනා” වෙසක් කලාපය

මේ වනවිට රට තුල පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් , මෙවර පැවැත්වීමට නියමිත වෙසක් කලාපය කොළඹ නාලන්දා විද්‍යාලයීය බෞද්ධ සංගමය මගින් සයිබර් අවකාශය ඔස්සේ ඇසිදිසි පෙළහරක් ලෙස ශ්‍රී ලාංකීය ජනතාව වෙත තිලිණ කිරීමට සූදානම්ව සිටියී. මෙවර වෙසක් කලාපය සදහා හුදෙක් නාලන්දා පුතුන්ට පමණක් නොව, ශ්‍රී ලංකාවාසී හුදු මහත් සියලු දූ දරුවන්ටද එකසේ සම්බන්ධ විය හැක.එමෙන්ම සාමනේර පිරිවෙන් අද්‍යනවාසී ස්වාමීන්වහන්සේලා වෙනුවෙන්ද මෙම වෙසක් කලාපයේ ඉඩහසර වෙන් කර ඇත.
මෙම වෙසක් කලාපය මැයි මස 07 වන වෙසක් පුන් පෝදා සිට මැයි මස 20 වන බදාදා දින දක්වා පැවැත්වේ. … More “නාලන්දා බුද්ධාභිවන්දනා” වෙසක් කලාපය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ , නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිඳුන්ට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ සුභ පැතුම් !

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ , නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිඳුන්ට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ සුභ පැතුම් !

More ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ , නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිඳුන්ට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ සුභ පැතුම් !