නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ නව නිලධාරී මණ්ඩලය පත්වීම .

Published On: December 25, 2019Views: 363Comments Off on නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ නව නිලධාරී මණ්ඩලය පත්වීම .

නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ වාර්ෂික සභා රැස්වීම සහ 2019/2020 වර්ෂ සඳහා නව නිලධාරි මණ්ඩලයට නිල ලාංඡන පැලඳ වීම පසුගිය නොවැම්බර් මස 29 වන දින විද්‍යාලයීය භාෂා කේන්ද්‍රයේදී පැවත්විය. නිල ලාංඡන පැළඳවීමට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාලන්දා විද්‍යාලයේ ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් සහභාගී විය.මේ සඳහා සංගමය භාර ආචාර්ය වරුන්ද, ආදී නාලන්දීය ජනසන්නිවේදන ඒකකයේ සාමාජිකයන්ද, දෙමාපියන් ද, සංගමයේ සාමාජිකයන් ද සහභාගී විය. මෙහිදී ප්‍රධාන වශයෙන් 2018/2019 වර්ෂයේ ජනසන්නිවේදන ඒකකයේ නිලධාරී මඩුල්ල විසින් විදුහල්පතිතුමන්ට සහ සංගමය භාර ආචාර්ය වරුන්ටද සමරු තිළිණ ප්‍රධානය කල අතර එම වසර තුල ඔවුන් සිදු කල ව්‍යාපෘති වල එකතුව සහ ඔවුන් වසරක් ආ ගමන් මග පිළිබඳව කෙටි මතකාවර්ජනයක් කල අතර ඉන් පසුව 2019/2020 වර්ෂයේ නිලධාරි මඩුල්ලට නිල ලාංඡන පැලඳ වීම ගරු විදුහල්පතිතුමන් සුරතින් සිදුවිය. එකොළොස් දෙනෙකුගෙන් සමන්විත මෙවර නිලධාරි මඩුල්ලේ සභාපති වශයෙන් අකිල අරම්පත් සොයුරාද, සම ලේකම්වරුන් ලෙස සෙනරු දිල්රුක් , පුර්ණ ෂෙහාන් යන සොහොයුරන්ද භාණ්ඩාගාරික කෙහාන් හංසජ සොයුරාද , උප සභාපති මහින් මලවීර සොයුරාද ,ප්‍රධාන සංවිධායක සජිත් පෙරේරා සොයුරාද , සංවිධායකවරුන් ලෙස හර්ෂණ ජයසිංහ, ලසන් විතන ආරච්චි යන සොයුරන්ද, ප්‍රධාන සංවිධායක ලෙස කුෂාන් කල්හාර සොයුරාද, සම්බන්ධිකාරකවරුන් ලෙස නදිජ පෙරේරා,විනුක නානායක්කාර යන නිලධාරීන් නිල ලාංඡන පැලඳ විය. ඉන් අනතුරුව නව නිලධාරීන් මණ්ඩලය විසින් කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති යෝජනාවලිය ඉදිරිපත් කල අතර තිස් වසරකට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය සන්නිවේදන ක්ෂේත්‍රයේ මහඟු විප්ලවයක් කිරීමේ අපේක්ෂාව පෙරදැරිව නව වසරට පා තැබීමට සුදානම් වෙයි.

https://m.facebook.com/story.php?story_fbid=3398519616886432&id=350748034996954

Share This News, Choose Your Platform!

Recent Posts