උත්තම ගුරු වන්දනා – ගුරු උපහාර උත්සවය 2018

Published On: October 28, 2018Views: 3090 Comments

නාලන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධාන කරන “උත්තම ගුරු වන්දනා – ගුරු උපහාර උත්සවය” මෙවරත් අති සාර්ථකව ඔක්තෝබර් මස 28 වන ඉරිදා දින විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ දී පැවැත් විය. නාලන්දාව තුළ සිප් සතර හදාරා තම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කර, වර්ථමානය වන විට වෛද්‍ය සේවයේ නියුතු ආදි නාලන්දීයයන් රැසක් තමන්ට අකුරු කරවූ ගුරු මෑණිවරුන්ට හා ගුරු පියවරුන්ට නොමිලේ වෛද්‍ය සේවය සැපයීම සඳහා කෘතඥ පූර්වක වූ සිතින් සපැමිණ සිටියහ. තවද නාලන්දාවෙන් විශ්‍රාම ලැබූ ගුරු භවතුන් සේම වර්ථමානයේ නාලන්දාවේ කටයුතු කරන ගුරු භවතුන් රැසක් ද මේ සඳහා සහභාගී වූ අතර ඔවුන් වෙනුවෙන් නොමිලේ වෛද්‍ය පරීක්ෂණ පැවැත් වීමට ද, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ද ආදි නාලන්දීය වෛද්‍ය සංගමය සහ කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් කටයුතු කරන ලදී. උදෑසන පැවැති වෛද්‍ය සායනයෙන් අනතුරුව සවස විශේෂ තේ පැන් සංග්‍රහයක් ද පැවති අතර ගරු විදුහල්පති තුමන්, නියෝජ්‍ය විදුහල්පති වරුන් ඇතුළු ගුරු භවතුන් රැසක් සේම කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ මෙන් ම ආදි නාලන්දීය වෛද්‍ය සංගමයේ නිලධාරීහු රැසක් ද මේ සඳහා සහභාගී විය.

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts