නාලන්දාවට එක් වූ ශිෂ්‍යත්ව හපනුන්

Published On: January 21, 2020Views: 2590 Comments

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩයිම් විභාගයෙන් දස්කම් පෑ පුංචි හපනුන් රාශියක් අතරින් 100 කට අධික පිරිසක් 2020 ජනවාරි මස 20 වන දින නාලන්දා මව් සෙවණට එක් විය. ඔවුන් පිළිගැනීමේ උත්සවය නාලන්දා විද්‍යාලයීය මලලසේකර රඟහලේදී පැවැත්විය.මේ සඳහා විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දෙමව්පියන් සහභාගී වූ අතර එහි දී කෞතුකාගාරය භාර ආදී නාලන්දීය ඩෝල්ටන් වක්වැල්ල මහතා විසින් උත්සව සභාවේ සමස්ථයට නාලන්දාවේ පුරාණය සිහිගන්වමින් හරවත් දේශනයක් පැවැත්විය. 06 වන ශ්‍රේණියට අලුතින් එකතු වූ පුංචි හපනුන්ට නාලන්දා මාතාවගේ කීර්තිය දසත පතුරවන්නට හැකි අභිමානවත් දරු පරපුරක් ලෙස වැඩෙන්නට ඔබට උණුසුම් සුභ පැතුම්.

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts