නාලන්දාවට ශිෂ්‍යත්ව හපනුන් එක් වේ!

Published On: January 16, 2019Views: 2420 Comments

නාලන්දා විද්‍යාලයට 6 ශ්‍රේණිය සඳහා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් තේරී පත් වූ සිසුන් පිළිගැනීමේ උත්සවය පසුගිය ජනවාරි මස 16 වැනිදා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. දැනට 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් විසින් පාසලට අලුතින් එක් වූ මේ සොයුරන් පිළිගැනීම සඳහා සංවිධාන කළ අංග ගණනාවකින් මේ උත්සවය විචිත්‍රවත් විය. ඔවුන් විද්‍යාලයට පිළිගැනීම සඳහා පිළිගැනීමේ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පතිතුමන් නාලන්දාවට අලුතින් සපැමිණි මේ සොයුරන් ආමන්ත්‍රණය කරන ලදී. තවත් ගීත ගායනා, නර්ථන අංග වලින් සමන්විත වූ මෙම උත්සවය සඳහා නාලන්දා විද්‍යාලයීය ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේලා, ගරු විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන්, සිසුන් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts