“නාලන්දා”පස්වන කලාපය නිකුත් කෙරේ.

Published On: March 21, 2024Views: 21780 Comments

නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන විද්‍යාලයීය නිළ සඟරාව වන නාලන්දා සඟරාවේ පස් වන කලාපය පසුගියදා විද්‍යාලයීය මලලසේකර රඟහලේදී නිල වශයෙන් එළීදැක්වූවා. මෙහිදී නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ සභාපති සසිදු දිල්ශාන් අතින් නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති යූ.ඩී ඉරාන් චම්පික සිල්වා මැතිතුමන්ට නාලන්දා සගරාව නිළ වශයෙන් බාර දීමෙන් අනතුරුව සගරාව එළි දැක්වීම සිදු කෙරුණා.

මෙවර සගරාවේ සුලෝහිතයෝ,සම්භාශා-2023 ,ජාතික තලයෙන් ජාත්‍යන්තරයට – ආදිනාලන්දී සරත් මැල්කම් වැනි විශේෂාංග මෙන්ම.Tharushi karunarathna,champion of expansion,Meta verse වැනි සුවිශේෂී ලිපි කිහිපයකින්ද සමන්විතය.එමෙන්ම මෙවර සගරාවේ ඇති හරස්පද ප්‍රහේලිකාව සම්පූර්ණ කර වටිනා ත්‍යාග දිනා ගැනීමේ හැකියාවද පවතී.
ඔබත් නාලන්දා විද්‍යාලයීය පරිශ්‍රයෙන් නාලන්දා සගරාව මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts