නාලන්දා සිත්රූ 2018

Published On: November 1, 2018Views: 3070 Comments

නාලන්දා විද්‍යාලයීය චිත්‍ර කලා සංගමය විසින් පවත්වනු ලැබූ නාලන්දා සිත්රූ චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය මෙවරත් අතිසාර්ථක අයුරින් 2018 වර්ෂයේ නොවැම්බර් මස 1 වන බ්‍රහස්පතින්දා දින,එනම් අද දින නාලන්දා විද්‍යාලයීය ශ්‍රවනාගාරය සහ භාෂා විද්‍යාගාරය පරිශ්‍රයේදී පැවැත්විණ.මෙම චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය පැවැත්වීමේ මුලික අරමුණ වූයේ සිසුන් තුළ ඇති චිත්‍ර කලාව සහ මුර්ති නිර්මාණය කෙරෙහි වූ දක්ෂතා වැඩි දියුණු කිරීම සහ චිත්‍ර සහ මූර්ති කලාවන් සිසුන් අතර ප්‍රචලිත කිරිමයි.නාලන්දා සිත්රූ චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු සෞන්දර්ය කලා අධ්‍යක්ෂක තුෂාර ගුණතිලක මහතා සහභාගී වූ අතර විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් නාලන්දා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්,නියෝජ්‍ය විදුහල්පතිතුමිය හා සහකාර විදුහල්පතිතුමිය ඇතුළු පිරිසක් සහභාගී විය. 1 ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් පැවති මෙම චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය සදහා නිර්මාණ ඉදිරිපත් කල සිසුන් වෙනුවෙන් ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානයක්ද මෙහිදී සිදු විය.මෙම නාලන්දා සිත්රූ ප්‍රදර්ශනය සදහා අනුග්‍රය දරනු ලැබුවේ නාලන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමයයි.

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts