“නාලන්දා”සිව්වන කලාපය නිකුත් කෙරේ.

Published On: January 20, 2023Views: 36050 Comments

 

 

නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් ප්‍රකාශයට පත් කරනු ලබන විද්‍යාලයීය නිළ සඟරාව වන “නාලන්දා” සඟරාවේ සිව්වන කලාපය පසුගියදා (01/17) විද්‍යාලයීය මලලසේකර රඟහලේදී නිළ වශයෙන් එළිදැක්වූවා. මෙහිදී නාලන්දා විද්‍යාලයීය ජන්සන්නිවේදන ඒකකයේ සභාපති හිරුණ චාතූර්යගේ අතින් නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන්ට නාලන්දා සඟරාව නිළ වශයෙන් භාර දීමෙන් අනතුරුව සඟරාව එළි දැක්වීම සිදු කෙරුණා. නාලන්දා විද්‍යාලය තුළ 2022 වර්ෂයේ දී සිදු කෙරුණු වර්ණ ප්‍රධානෝත්සවය, සුලෝහිතයන් ඇගයීමේ උත්සවය ඇතුලු ප්‍රධාන උත්සව රැසකගේ මෙන්ම වසර 69කට පසුව ජය කෙහෙළි නැංවූ 92වන සුලෝහිත සංග්‍රාමය පිළිබඳව ද මෙම නාලන්දා සඟරාවේ ඇතුළත්ව තිබෙනවා. එපමණක් නොව, “නාලන්දාවේ මගේ මතක, විදුඇස, පන්හිඳක මතක, සිත්තම්” ආදී වූ රසවත් මෙන්ම නාලන්දීයයන්ගේ අතින් ලියවුණු විශේෂාංග රැසක් ද මෙම සඟරාවේ ඇතුළත්.

ඔබටත් නාලන්දා විද්‍යාලයීය පරිශ්‍රයෙන් “නාලන්දා” සඟරාව දැන් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා..

 

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts