නාලන්දා සේයා 2018

Published On: October 12, 2018Views: 2610 Comments

නාලන්දා විද්‍යාලයීය ඡායාරූප හා කලා සංගමය විසින් වාර්ෂික සංවිධාන කරන ඡායාරූප හා කලා දිනය, මෙවරත් “නාලන්දා සේයා 2018” නමින් අති සාර්ථකව විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී ඔක්තෝම්බර් මස 12 වන සිකුරාදා දින පැවැත්විය. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආදී නාලන්දීය හැරිස් විජේසිංහ මැතිතුමන් ද, විශේෂ ආරාධිත අමුත්තිය වශයෙන් නාලන්දා විද්‍යාලයීය ඡායාරූප හා කලා සංගමයේ හිටපු භාර ආචාරිනී නිර්මාලා චාන්දනී ගුරු මෑණියන් සහභාගී වූ අතර නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන්ගේ ද සහභාගිත්වයෙන් පැවති මෙම දිනයේ දී Orifice 2018, නාලන්දා විද්‍යාලයීය ඡායාරූප හා කලා සංගමයේ වාර්ෂික ඡායාරූප හා කලා දැනුම මිනුම තරඟාවලියේ ජයග්‍රාහකයින් ඇගයීමට ලක් කෙරිණි. මෙහි දී දැනුම මිනුම තරඟාවලියට දැක්වූ සහභාගීත්වය අනුව තෝරා ගනු ලබන සමස්ත ශූරතාවය දිනා ගත් පාසල බවට පත් වූයේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයයි. තව ද තරඟාවලියේ තුන්වන ස්ථානය කඳාන ද මැසිනඩ් විද්‍යාලය දිනා ගත් අතර දෙවන ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය විසින් දින ගන්නා ලදී. ඒ අනුව Orifice කිරුළ මෙවර දෙවන වතාවටත් දිනාගන්නට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් විය. මෙයට අමතරව පාසල තුළ පවත්වන ලද ඡායාරූප තරඟාවලියේ ජයග්‍රාහකයින් ඇගයීමද සිදු වූ අතර පිළිවෙලින් අන්තර් පාසල් ඡායාරූප තරඟයේ ජයග්‍රාහකයින් ද, විශ්ව විද්‍යාලයීය ඡායාරූප තරඟයේ ජයග්‍රාහකයින් ද ජංගම දුරකතන ඡායාරූප තරඟයේ ජයග්‍රාහකයින් ද ඇගයීමට ලක්විය. නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ආදී නාලන්දීයයන්, ආරාධිත පාසල් වල සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.

 

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts