නාලන්දා සේයා’19

Published On: October 26, 2019Views: 2340 Comments

69 වසරක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන නාලන්දා විද්‍යාලයීය ඡායාරූප හා කලා සංගමය මගින් පවත්වනු ලබන “නාලන්දා සේයා ’19” ඡායාරූප හා කලා දිනය නාලන්දා විද්‍යාලයීය මලලසේකර රඟහලේ දී පසුගිය 24 වැනි දා පැවැත්විණි. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කීර්තිමත් ආදි නාලන්දීය අජිත් ගලප්පත්ති මහතා සහභාගී විය. මෙහි දී ඡායාරූප හා කලා දිනයට සමගාමීව පැවති “ORIFICE” තරඟාවලියේ ජයග්‍රාහකයන්ට හිමි සහතික පත්‍ර හා පදක්කම් පිරිනැමූ අතර උත්සවය සඳහා ආරාධිත පාසල් රැසක් ද සහභාගී විය. “ORIFICE ’19” තරඟාවලියේ දී පාසල් රැසක් සමග තරඟ කොට තෙවන ස්ථානය හිමි කර ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් වූ අතර දෙවන ස්ථානය හෙවත් අනුශූරතාවය දිනා ගැනීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් විය. ORIFICE ’19 ශූරතාවය හිමි කරගැනීමට ගම්පහ යසෝධරා බාලිකා විද්‍යාලය සමත් විය. නාලන්දා සේයා ’19 සමස්ථ ශූරතාවය දිනා ගැනීමට කොළඹ යසෝධරා බාලිකා විද්‍යාලය සමත් විය. අනාගත පරපුරට ඡායාරූපකරණය හුරුකරමින් වර්තමාන සිසු සිසුවියන්ගේ නැණ නුවණ පහදා නව මන් පෙත් විවර කරලමින් ” නාලන්දා සේයා’19” නිමාවට පත් වුයේ ලබන වසරේ දී ද “නාලන්දා සේයා ’20” නවමු මානයකින් ගෙනහැර දැක්වීමේ අදිටන් පෙරදැරි කරගනිමිනි.

ඡායාරූප අනුග්‍රහය :- නාලන්දා විද්‍යාලයීය ඡායාරූප හා කලා සංගමය 

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts