දශක හතකට පසු සුලෝහිත සංග්‍රාමයේ ජය නාලන්දාවට!

Published On: July 12, 2022Views: 8350 Comments

 

92 වන වරටත් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ ජහග්‍රහණය වසර 69 කට පසුව තමන් සතු කරගැනීමට නාලන්දා විද්‍යාලයීය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම ඊයේ (07/11) සමත් වුණා. ඒ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමට කඩුළු 9ක දැවැන්ත පරාජයක් අත් කර දෙමින්. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමේ නායක නෙත්ම කරුණාරත්න පලමුවෙන් පන්දුවට පහර දීමට නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමට ආරධනා කළා. ඒ අනුව පිටියට පිවිසි නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම සිය පළමු ඉණිම තුළදී කඩුලු 9ක් දැවී ලකුනු 289ක් රැස් කළා. එහිදී සුවිශේෂී දක්ශතාවයක් දක්වමින් කණ්ඩායමේ උප නායක චනුල් අතුකෝරාල පන්දු 89ක දී ලකුණු 88ක් රැස් කළා.රවීන් ද සිල්වා ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණා. ආනන්ද විද්‍යාලයේ ශක්ති උදාර ලකුණු 90කට කඩුලු 5ක් සහ පුළිඳු කිරිඇල්ල ලකුණු 59කට කඩුලු 3ක් බිඳහෙළීම්ට සමත් වුණා. සිය පළමු ඉණිම ක්‍රීඩා කල ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 139කට සීමා කිරීමට නාලන්දා විද්‍යාලයීය පන්දු යවන්නන්නට හැකිවුණා. එහිදී ආනන්ද විද්‍යාලයේ ඉරුත් ගිම්ශාන් ලකුනු 70ක් රැස් කළා. විශිෂ්ඨ පන්දු යැවීමක් වාර්තා කරමින් නාලන්දා විද්‍යාලයේ විනුජ රන්පුල් ලකුනු 33ට කඩුලු 4ක් සහ රවීන් ද සිල්වා ලකුනු 33ට කඩුලු 3ක් බිඳහෙලීමට සමත් වුණා.

පිට පිට දෙවන වරටත් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ආනන්ද විද්‍යාලයීය පිතිකරුවන් අන්ත අසරණ කරමින් ඔවුන්ගේ දෙවන ඉණිම ද ලකුනු 180 කට සීමා කිරීමට නාලන්දා විද්‍යාලයීය පන්දු යැවීමේ බලඇණියට හැකියාව ලැබුණා. එහිදී ආනන්ද විද්‍යාලයීය අන්තයෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වූ හංසජ ජයසිංහ ලකුණු 48ක් රැස් කරගැනීමට සමත් වුණා. නැවතත් විශිෂ්ඨ පන්දු යැවීමක් වාර්තා කරමින් රවීන් ද සිල්වා ලකුණු 83ට කඩුලු 4ක් සහ විනුජ රන්පුල් ලකුණු 40ට කඩුලු 2ක් බිඳහෙලීමට සමත් වුණා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 31ක ඉතා පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම පන්දුවාර 5යි පන්දු 2ක් තුල එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. තුන් ඉරියව්වෙන්ම තරඟය පුරා දස්කම් දැක්වූ රවීන් ද සිල්වා තරඟයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

කොවිඩ් වසංගතය සහ අර්බුධකාරී වාතාවරණ හේතුවෙන් මෙවර තරඟාවලිය පැවැත්වුනේ වසර දෙකකට අනතුරුවයි. තව ද මෙවර තරඟාවලිය පැවැත්වුනේ ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් ද තොරවයි. අවසන් වරට නාලන්දා විද්‍යාලය සුලෝහිත සංග්‍රාමයක් ජයගෙන තිබුණේ 1953 වර්ශයේදී යි. ඒ අනුව වසර 69 කට පසුව නාලන්දාවට සුලෝහිත සංග්‍රාමයේ ජයග්‍රහණය අත් කර දීමට දිනෙත් සමරවීර ඇතුලු නාලන්දා කණ්ඩායමට හැකියාව ලැබුණා. ජයග්‍රාහී කණ්ඩායමට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේත්, සමස්ත නාලන්දාවේත් උණුසුම් සුභ පැතුම්.

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts