2018/2019 නාලන්දා  ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම 

Published On: November 29, 2018Views: 2440 Comments

නාලන්දා විද්‍යාලයේ 2018/2019 වසර සඳහා වන නව ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම හා දිවුරුම් දීම නොවැම්බර් මස 29 වැනිදා පැවැති විශේෂ උදෑසන රැස්වීමේදී සිදු විය. විධායක ශිෂ්‍ය නායකයින් 16 දෙනෙකු අතුරින් ඔනෙල නිරුන් සොයුරා ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් දිවුරුම් දුන් අතර තේනුක රත්නායක, එවින්ද හෙට්ටිආරච්චි, තෂ්විර් වීරකෝන් සහ උත්පල බණ්ඩාර යන සොයුරන් පිළිවෙළින් නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයින් වශයෙන් දිවුරුම් දෙන ලද අතර විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් අතින් නව ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම සිදු විය. තවද මෙහි දී 2018/2019 ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා ඉල්ලුම් කළ විධායක ශිෂ්‍ය නායකයින් ඇගයීම ද සිදු වූ අතර එහිදී හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක කවිදු වික්‍රමසිංහ සොයුරාට සහ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක ප්‍රමෝද් ගයන්ත, තුසිත ද අල්විස්, කලණ කත්‍රිආරච්චි සහ පේශල විජේසිංහ යන සොයුරන්ට කණිෂ්ඨ ශිෂ්‍ය නායක මුළුවෙන් සහ හිටපු 2017/2018 විධායක ශිෂ්‍ය නායකයින් වෙතින් විශේෂ සමරු ඵලක ප්‍රදානය කිරීමක් ද සිදු විය. තවද මෙහි දී මෙම විශේෂ උදෑසන රැස්වීම සඳහා සපැමිණි නාලන්දා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති වී.ආර්.පී.කුමාර මැතිතුමන් සහ කලා හා වාණිජ අංශයේ හිටපු අංශාධිපතිනි කාන්ති මුණසිංහ මැතිණිය සඳහා විශේෂ සමරු ඵලක ප්‍රදානයක් ද සිදු විය. අනතුරුව විවිධ ජයග්‍රහණ ලබා ගත් නාලන්දීයයන් ඇගයීම සිදු වූ අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාතික තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියක දී රිදී පදක්කමක්, මේ වසරේ පැවැති 23 වන අන්තර්ජාතික තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට දිනා දුන් නාලන්දා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමයේ සුනෙර සෝමබන්ධු සොයුරා ද, එම තරඟාවලියේ කණිෂ්ඨ අංශයේ ලෝකඩ පදක්කම දිනා ගත් සිතුම් ප්‍රනාන්දු සොයුරා ද, එම තරඟාවලිය සඳහා සහභාගී වූ හිමන්ත ඕෂධ සොයුරා ද මෙහි දී ඇගයීමට ලක් විය. තවද මෙහි දී තවත් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගත් නාලන්දීයයන් ඇගයීම ද සිදු වූ අතර උදෑසන රැස්වීම ආමන්ත්‍රණය කළ ගරු විදුහල්පති තුමන් නාලන්දා විද්‍යාලයේ 3 වන අධ්‍යයන වාරය නොවැම්බර් මස 30 වැනිදා අවසන් වන බවත් නැවත පාසල ආරම්භ කිරීම ලබන වසරේ ජනවාරි මස 2 වැනිදා සිදු වන බව දැනුම් දෙන ලදී. විද්‍යාලයේ ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේලා, විදුහල්පති තුමන්, නියෝජ්‍ය විදුහල්පති වරුන්, ගුරු භවතුන්, අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලයේ සහ ජයග්‍රහණ ලැබූ සිසුන්ගේ දෙමාපියන් සහ සිසුන් ඇතුළු අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී විය.

 

වැඩිදුර ඡායාරූප සඳහා ;

https://www.facebook.com/media/set/?set=a.2407459045992499&type=3

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts