2019 නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල ඇරඹේ! ක්‍රීඩා නායකයින් දිවුරුම් දෙයි!

Published On: January 16, 2019Views: 2290 Comments

නාලන්දා විද්‍යාලයේ 2019 වර්ෂය සඳහා වන ක්‍රීඩා නායකයා සහ උප නායකයා පත් කිරීම සහ දිවුරුම් දීම පසුගිය 16 වැනි සිකුරාදා දින පැවැති විශේෂ උදෑසන රැස්වීමේදී සිදු විය. ජාතික ගීය හා පාසල් ගීය ගායනා කිරීමෙන් අනතුරුව නාලන්දා විද්‍යාලයීය ධර්මාචාර්ය බුත්තල පඤ්ඤාකිත්ති හිමියන් විසින් රැස් ව සිටි පිරිස තිසරණ සහිත පංචශීලයේ පිහිටවා කෙටි අනුශාසනාවක් පවත්වන ලදහ. අනතුරුව රැස්ව සිටි නාලන්දීයයන් ආමන්ත්‍රණය කළ ගරු විදුහලපතිතුමන් නාලන්දාවේ 2019 වර්ෂයේ පළමු අධ්‍යයන වාරය තුළ ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව දැනුවත් කරන ලදී. අනතුරුව ක්‍රීඩා නායකයින් දිවුරුම් දීම සිදු වූ අතර නියෝජ්‍ය විදුහල්පති ඉසුරු උපමාල් මැතිතුමන් 2019 වර්ෂයේ නාලන්දා විද්‍යාලයේ ක්‍රීඩා නායකයාගේ සහ උප නායකයාගේ නාමය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව එවින් විරන්ජිත් සොයුරා 2019 වර්ෂයේ නාලන්ද විද්‍යාලයේ ක්‍රීඩා නායකයා ලෙසින් දිවුරුම් දුන් අතර කුසල් බණ්ඩාර සොයුරා 2019 වර්ෂයේ නාලන්දා විද්‍යාලයේ ක්‍රීඩා උප නායකයා වශයෙන් දිවුරුම් දෙන ලදී. අනතුරුව ගරු විදුහල්පතිතුමන් අතින් අභිනව ක්‍රීඩා නායකයාට සහ උප නායකයාට නිල ලාංඡන පැළඳවීම සිදු විය. ඉන් අනතුරුව 2019 වර්ෂයේ අනෙකුත් ක්‍රීඩා සඳහා පත් කළ ක්‍රීඩා නායකයින්ගේ නාම ලේඛණය ක්‍රීඩා පරිපාලක මාරසිංහ ගුරුපියාණන් විසින් ඉදිරිපත් කරන ලද අතර අභිනව ක්‍රීඩා නායක එවින් විරන්ජිත් සොයුරා විසින් ක්‍රීඩා නායක ප්‍රතිඥාව ඉදිරිපත් කරන ලදී. ඉන් පසුව එක් එක් නිවාස භාර ගුරු භවතුන් පත්කිරීම සහ ගරු විදුහල්පතිතුමන් අතින් ලිපිගොනු භාර දීම සිදු වූ අතර එහි දී 2019 වර්ෂයේ මළල ක්‍රීඩා උළෙලේ නන්ද නිවාසය භාර ආචාර්යවරයා වශයෙන් ටී.ඩී.කපිල නන්දකුමාර ගුරු පියාණන් ද, මෞර්යය නිවාසය භාර ආචාර්යවරයා වශයෙන් ආර්.ඒ.සජිත් ඊ. පෙරේරා ගුරු පියාණන් ද, චන්ද්‍ර නිවාසය භාර ආචාර්යවරයා වශයෙන් ආර්.ඒ.පී.ඩබලිව්.බණ්ඩාරනායක ගුරු පියාණන් ද, සූර්යය නිවාසය භාර ආචාර්යවරයා වශයෙන් ප්‍රශාන්ත කුමානායක ගුරු පියාණන් ද ලිපිගොනු භාර ගන්නා ලදී. අනතුරුව ක්‍රීඩා පරිපාලක මාරසිංහ ගුරු පියාණන් රැස්ව සිටි නාලන්දීයයන් පිරිස අමතා එක් එක් නිවාසවල වැඩ කටයුතු දියත් කළ යුතු ආකාරය සහ 2019 නාලන්දා විද්‍යාලයීය නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙලේ පෙර සූදානම පිළිබඳ සිසුන් දැනුවත් කරන ලදී. ගරු විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, සිසුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.

https://www.facebook.com/media/set/?set=a.2507731695965233&type=3

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts