ජාත්‍යන්තරය ජයගත් අපේ නාලන්දියන්

Published On: January 13, 2020Views: 2550 Comments

නාලන්දා විද්‍යාලයීය 2020 වර්ෂයේ ප්‍රථම ප්‍රධාන රැස්වීම 2020 වර්ෂයේ ජනවාරි මස 07 දින විද්‍යාලයීය ප්‍රධාන පීඨිකාවේ පැවැත්විය. එහි මුලික අරමුණ වුයේ නාලන්දාවේ යශෝරාවය දසත පැතිරවූ කීර්තිමත් නාලන්දා පුතුන්ගේ ඇගයීමයි. එනම් 13 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අප විද්‍යාලයීය සොහොයුරන් ශ්‍රී ලංකා මාතාවගෙත් නාලන්දා මාතාවගෙත් කිර්තිය පතුරවමින් පිහිනුම් තරඟාවලියෙත් බැඩ්මින්ටන් තරඟාවලියෙත් ජය තහවුරු කිරීමට සමත් විය. පිහිනුම් තරඟාවලියේ රජිත මුද්‍රිකා ලාභියෙකු ලෙස බි. දිලංක ෂෙහාන් සොයුරා ද බැඩ්මින්ටන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ද්විතීය ස්ථානයට පාත්‍ර වෙමින් රජිත මුද්‍රිකා ලාභියකු ලෙස ලෝචන ඔෂාන් ද සිල්වා සොයුරා ද රන්තුෂ්ක සසිදු සොයුරාද සමත් විය.

දෝහා කාටර් හි පැවති අන්තර් ජාතික කණිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියේ රටවල් 72ක් සහභාගිත්වයෙන් පැවති තරඟයේ දී ලංකා මාතාවගෙත් නාලන්දා මාතවගේත් අභිමානය විදහා දක්වමින් සිතුම් දුලෙන් ප්‍රනාන්දු සොයුරා ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට සමත් විය.

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයීය බාලදක්ෂ සමුහය විසින් සංවිධානය කරන ලද 34 වන ජේ. ජේ.පි. දෙහිගම අනුස්මරණ ගවේෂණ තරඟාවලියේ පැවති විවිධ අංශයන්ගෙන් දිවයිනේ පාසල් රාශියක් අභිබවමින් තරඟාවලියේ සමස්ත අනුශූරතාවය දිනා ගැනීමට අප විද්‍යාලයීය බාලදක්ෂ ගවේෂණ කණ්ඩායම සමත් විය .

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසා ශාඛාව විසින් සංවිධානය කරන ලද 54 වන කොළඹ කැම්පෝරිය රත්මලාන හින්දු විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවති අතර ඊට සමගාමීව මොරටුව වෙරළ තීරයේදී පැවති වෙරළ බාධක දිවීමේ තරඟයේ තෙවන ස්ථානය දින ගැනීමට නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ කාණ්ඩයම සමත් විය.

ජාතික විද්‍යා පදනම සංවිධානය කල තරගාවලියේ විශිෂ්ඨතම විද්‍යා ගුරුවරියට හිමි සම්මානය දිනා ගැනීමට අප විද්‍යාලයේ උපේක්ෂා අබේසේකර ගුරු මෑණියන් සමත් විය .

සෑම අතකින්ම දස්කම් විදහාපාන නාලන්දා පුතුන් එම විශිෂ්ඨත්වය තව තවත් ගම්‍ය කරමින් ලෝක විද්‍යා දිනයට සමගාමිව පැවති සමස්ත ලංකා කෙටි නාට්‍ය තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලයීය නාට්‍ය කණ්ඩායමට හැකියාව ලැබුණි. එහිදී ජූරියේ විශේෂ සම්මාන 2ක් දිනා ගැනීමට අප විද්‍යාලයේ ලසන් විතානආරච්චි සොයුරා හා චනිදු තේමිය රත්නායක සොයුරා සමත් විය.

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts