නාලන්දාවට නයිට් පදවියක ගෞරවය හිමි වේ

Published On: October 4, 2019Views: 3290 Comments

මහා බ්‍රිතාන්‍යයේ නයිට් පදවියකින් පිදුම් ලද කීර්තිමත් ආදි නාලන්දීය, විශේෂඥ වෛද්‍ය සරත් මැල්කම් සමරගේ මැතිතුමන් පිළිගැනීමේ උත්සවයක් අද දින (ඔක්තෝම්බර් මස 04 වැනිදා) විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේ දී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. වසර ගණනාවක් පුරාවට ශාන්ත ජෝන් ගිලන්රථ සේවය තුළින්, එතුමන් කළ මානුෂීය සේවාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ රැජිණ විසින් එතුමන්ට මෙම නයිට් පදවිය පිරිනමන ලදී. මෙහි සුවිශේෂතම කරුණ වන්නේ නයිට් පදවියක ගෞරවය ශ්‍රී ලංකාවට නැවත හිමි වූයේ වසර 30 කට පමණ පසුව වීම සහ මේ වසරේ දී නයිට් පදවියෙන් පිදුම් ලද පුද්ගලයින් 20 දෙනා අතුරින් එකම ආසියාතිකයා එතුමන් වීමය. ඒ වෙනුවෙන් ගරු ජනාධිපතිතුමන් අතින් විශේෂඥ වෛද්‍ය, ආදි නාලන්දීය සරත් මැල්කම් සමරගේ මැතිතුමන් වෙත සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී. අනතුරුව ගරු විදුහල්පතිතුමන් අතින් ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ට, එතුමන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපතිතුමන් ලෙස නාලන්දාවට ප්‍රථම වතාවට සපැමිණීම වෙනුවෙන් සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී. තවද සරත් මැල්කම් සමරගේ මැතිතුමන් අතින් සුවිශේෂී ග්‍රන්ථ එකතුවක් ගරු ජනාධිපතිතුමන්ට සහ විදුහල්පතිතුමන්ට පිරිනැමීම ද මෙහිදී සිදු විය. ආදි නාලන්දීය තිලංග සුමතිපාල මැතිතුමන්, චන්දිම වීරක්කොඩි මැතිතුමන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන් ඇතුළු කීර්තිමත් ආදි නාලන්දීයයන්, විද්වතුන්, නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන්, ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන්, නාලන්දා ආදි ශිෂ්‍ය සංගමයේ සහ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් සහ සාමාජිකයින් ඇතුළු ආදි නාලන්දීයයන්, සිසුන්, දෙමාපියන්, මාධ්‍යවේදීන් සහ රජයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

ඡායාරූප අනුග්‍රහය:- නාලන්දා විද්‍යාලයීය ඡායාරූප හා කලා සංගමය

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts