නාලන්දා ගුරු උපහාර උත්සවය 2018

Published On: October 5, 2018Categories: NewsViews: 1298By

නාලන්දා විද්‍යාලයේ ගුරු උපහාර උත්සවය අද දින, එනම් 2018 වර්ෂයේ ඔක්තෝම්බර් මස 05 වන දින විශේෂ උදෑසන ප්‍රධාන රැස්වීමක් ලෙස පැවැත්විණ. එහිදී විද්‍යාලයීය අපරදිග ශිෂ්‍යභට තූර්ය වාදක ඛණ්ඩය පෙරටු කර ගනිමින් නාලන්දා විද්‍යාලයීය ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන් උත්සව සභාවට සපැමිණි අතර, තවද එහිදී නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන්ගේ සුරතින් ගුරු මෑණිවරුන්ට සහ ගුරු පියවරුන්ට විශේෂ තිලිණ ප්‍රධානයක්ද සිදුවිය.
මෙම ගුරු උපහාර උත්සවය සංවිධානය කරන ලද්දේ නාලන්දා විද්‍යාලයීය කනිෂ්ඨ ශිෂ්‍ය නායක මුළුව විසිනි.

Share This Story, Choose Your Platform!

Leave A Comment

Recent Posts