“නාලන්දා බුද්ධාභිවන්දනා” වෙසක් කලාපය

Published On: May 4, 2020Categories: NewsViews: 787By

මේ වනවිට රට තුල පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් , මෙවර පැවැත්වීමට නියමිත වෙසක් කලාපය කොළඹ නාලන්දා විද්‍යාලයීය බෞද්ධ සංගමය මගින් සයිබර් අවකාශය ඔස්සේ ඇසිදිසි පෙළහරක් ලෙස ශ්‍රී ලාංකීය ජනතාව වෙත තිලිණ කිරීමට සූදානම්ව සිටියී. මෙවර වෙසක් කලාපය සදහා හුදෙක් නාලන්දා පුතුන්ට පමණක් නොව, ශ්‍රී ලංකාවාසී හුදු මහත් සියලු දූ දරුවන්ටද එකසේ සම්බන්ධ විය හැක.එමෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමනේර වහන්සේලා වෙනුවෙන්ද මෙම වෙසක් කලාපයේ ඉඩහසර වෙන් කර ඇත.
මෙම වෙසක් කලාපය මැයි මස 07 වන වෙසක් පුන් පෝදා සිට මැයි මස 20 වන බදාදා දින දක්වා පැවැත්වේ.
ඩිජිටල් තොරණ හා වෙසක් සැරසිලි මෙන්ම සීල සමාදාන වැඩසටහන, ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා වැඩසටහන්, වෙසක් දින හා පසු දින යන දෙදින පුරා පැවැත්වේ.
මෙම වෙසක් කලාපයට සමගාමීව ගද්‍ය , පද්‍ය , කථික , චිත්‍ර හා බැති ගී තරඟය පැවැත්වීමටද කටයුතු සංවිධානය කර ඇත. කුසල් සිත් පෙරදැරිව ගෙන යනු ලබන මෙම කර්තව්‍යයට ඔබ සියලු දෙනාට බැතිසිතින් ආරාධනා කර සිටිමු.මේ සදහා නාලන්දා විද්‍යාලයීය මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය සහය ලබා දෙන අතර වැඩි දුර තොරතුරු සදහා නාලන්දා විද්‍යාලයීය බෞද්ධ සංගමයේ නිල FACEBOOK පිටුව වෙත පිවිසෙන්න.

Share This Story, Choose Your Platform!

Leave A Comment

Recent Posts