නාලන්දා මව් තුරුලට පැමිනි ශිෂ්‍යත්ව හපන්නූ

Published On: March 19, 2021Views: 2500 Comments

නාලන්දා නාමය සැමවිටම බබළවන්නට වෙර දරන නාලන්දීය පුතුන් නියත වශයෙන්ම අධිශ්ඨානත්වයෙන්, ධෛර්යෙන් කටයුතු කරන්නන් වෙති. එවන් වූ නාලන්දා භූමියට තවත් නවක සිසු පිරිසකට දොරගුලු විවර වීම සිදු විය.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්: ලකුණු 190 ට වඩා වැඩි ලකුණු ලබා ගත් සිසුන් 2021 වර්ශයේ මාර්තු මස 18 වන දින නාලන්දා මව්තුරුලට එක් වීම සිදු විය. නවක සිසු කැළ පිළිගැනීමේ උත්සවය මලලසේකර රඟහලේදී පැවැත්වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පැමිනීම සනිටුහන් විය. පැමිණ සිටි සියලු දෙනා තිසරණ සහිත පංචශීලවයහි පිහිටුවමින් කෙටි අනුශාසනාවක් සිදු කිරීම නාලන්දා විදයාලයීය ධර්මාචාර්ය පූජ්‍ය හේවිස්සේ අමිත ස්වාමීද්‍රයන් වහන්සේගේ සැපත් වීමෙන් සිදු වූ අතර, පිලිගැනීමේ කතාව නාලන්දා විද්‍යාලයීය වත්මන් වැඩ බලන විදුහල්පතිනි මහේෂිකා විජේරත්න මැතිනිය විසින් සිදුකරනු ලැබීය. නාලන්දා විද්‍යාලය තුල Online ක්‍රමවේදය ඔස්සේ ඉගැන්වීමේ කටයුතු සිදුවන ආකාරය පිලිබදව කෙටි දේශනයක් මගින් නවක සිසු පිරිස දැනුවත් කිරීමද සිදු විය.

Photo courtesy: NPAS

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts