රණවිරුවන්ගේ සුව සහනයට දිරියක් වු නාලන්දාව

Published On: May 17, 2020Views: 2690 Comments

පැතිරයමින් පවතින covid-19 වසංගත තත්ත්වය හේතුවෙන් ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්හි නිවාඩු අවලංගු කිරීමත් සමගම එම හමුදා නිලධාරීන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සම්බන්ධව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හමුවේ අප පාසලද තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතයට ගන්නා ලදී. අප පාසලේ ප්‍රාථමික අංශයේ කොටසක නේවාසිකව සිටින නාවික හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීමටත් ඔවුන්ගේ ඕනෑ එපාකම් පිළිබඳ සොයා බැලීමටත් නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය කටයුතු කළ අතර එහිදී එදිනෙදා ඔවුනට අවශ්‍ය විෂබීජ නාශක දියර සහ මුහුණු ආවරණ තොගයක් ලබාදීමට අප විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය විසින් කටයුතු කරන ලදී.

එම කටයුතු සාර්ථක කරගැනීම සඳහා 2007 ආදී ශිෂ්‍ය කණ්ඩායමේ, චාමර දර්ශන, ශාලුත දිසානායක, පාලිත මැතිව්, 2002 ආදී ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් ලයාන් ජයතිලක, ධනංජන පෙරේරා, ආසිරි ප්‍රනාන්දු ද ඉන්දු ද සිල්වා, පසන් පෙරියප්පෙරුම, විරාජ් ප්‍රේමසිංහ, කසුන් එදිරිසිංහ, රඛිත බණ්ඩාර, කලණ යන ආදි නාලන්දීය සොහොයුරන්ගේ දායකත්වය ලැබුණි.

මෙම අත්‍යාවශ්‍යය ද්‍රව්‍ය ආදි නාලන්දීය නාවික හමුදාවේ කොමදෝරු උපුල සංජීව සෙනෙවිරත්න මහතාට පරිත්‍යාග කිරීම ගරු විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ විධායක සභාපති චින්තක රණවීර හා 2007 කණ්ඩායමේ මාධව වර්ණපුර යන මහතුන් විසින් සිදුකරන ලදී.

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts