15 වන ආනන්ද නාලන්දා සුලෝහිත පාපන්දු තරඟයේ ජය නාලන්දාවට..

Published On: February 27, 2020Views: 2560 Comments

සුලෝහිතයන්ගේ සහෝදරත්වය තව තවත් වර්ධනය කරමින් 2020.02.03 වන දින තුරඟ තරඟ පිටියේදී ආනන්ද නාලන්ද සුලෝහිත පාපන්දු තරඟාවලිය පවත්වන්නට විය.

මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කීර්තිමත් ආදී නාලන්දීය බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැතිතුමන් සම්ප්‍රාප්ත වූ අතර විශේෂ ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නියෝජනය කරමින් වෛද්‍ය මතිල් ප්‍රනාන්දු මැතිතුමන් සම්ප්‍රාප්ත විය.

එමෙන්ම ආනන්ද විද්‍යාලයීය විද්‍යාලාධිපති,S.M. කීර්තිරත්න මැතිතුමන් හා නාලන්දා විද්‍යාලයීය විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව 15 වන ආනන්ද නාලන්ද සුලෝහිත පාපන්දු තරඟාවලිය ඇරඹුනේ සැමගේ අවධානය පිටිය කරා ඇදී යාමත් සමගිනි.

මෙහිදී අවු.13න් පහළ, 15න් පහළ, 17න් පහළ හා 20න් පහළ යනුවෙන් තරඟ 4ක් පැවත් වූ අතර එයින් අවු.15න් පහළ තරඟාවලිය ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම ජයගත් අතර ඉතිරි තරඟ ත්‍රිත්වයම දිනා ගනු ලැබුවේ නාලන්දීයන් විසිනි.

මෙම තරඟාවලියේදී වයස අවු.15 න් පහළ හොඳම පන්දු රකින්නාට හිමි කුසලානය ආනන්ද විද්‍යාලය දිනාගත් අතර වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මාන හා 20න් පහළ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය සනිදු විජේසේකර ක්‍රීඩකයා සමත් විය. වයස අවු.13 පහළ, අවු.17න් පහළ හා අවු.20න් පහළ හොඳම පන්දු රකින්නාට හිමි සම්මාන ත්‍රිත්වයම නාලන්දා විද්‍යාලයීය පාපන්දු ක්‍රීඩා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

එමෙන්ම මෙහිදී නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය හා ආන්නද විද්‍යාලයීය මාධ්‍ය ඒකකය, නාලන්දා විද්‍යාලයීය සෞඛ්‍යදාන ඒකකය, ආන්නද විද්‍යාලයීය හා නාලන්දා විද්‍යාලයීය ජායාරුප සංගමය මෙන්ම ආනන්ද හා නාලන්දා විද්‍යාලයන්හි ශිෂ්‍ය නායක මුළු ද මෙම අවස්ථාවට තම නොමද සහයෝගයද ලබා දෙන ලදී.

https://www.facebook.com/Nalanda.College.Photographic.Art.Society/photos/

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts