නාලන්දා විද්‍යාලයේ 2019/2020 වසර සඳහා වන නව ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීමේ උත්සවය හා දියුරුම් දීම නොවැම්බර් මස 20 වැනිදා පැවති විශේෂ උදැසන රැස්වීමේදී සිදුවිය. විධායක ශිෂ්‍ය නායකයින් අතරින් කවිෂ මහානාම සොයුරා ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් දියුරුම් දුන් අතර විහාන් හන්සජ, බූජිත ලොකුකැටගොඩ,තරුෂ පිටිගල සහ අසේන් නානායක්කාර යන සොයුරන් පිළිවෙලින් නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයින් වශයෙන් දියුරුම් දෙන ලද අතර විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් අතින් නව ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැළඳවීම සිදු විය. තවද මෙහිදී 2018/2019 ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ විසින් පාසලට සිදුකල සේවයද ඇගයීමට පාත්‍ර විය.විද්‍යාලයේ ධර්මාචාර්ය ස්වාමින් වහන්සේලා, විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලයේ දෙමාපියන් සහ සිසුන් ඇතුළු අමුත්තෝ රැසක් මේ සඳහා සහභාගී විය.
2019/2020 නාලන්දා ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම.
Kulana Coomasaru2022-11-11T05:22:30+05:30November 25, 2019|News|Comments Off on 2019/2020 නාලන්දා ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම.














