SILVER FLAMES 2019

Published On: October 30, 2019Views: 1480 Comments

කොළඹ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සමූූහය විසින් සංවිධාන කෙරුණු “SILVER FLAMES 2019” බාලදක්ෂ කඳවුර සහ රාත්‍රී ගිනිමැල සංදර්ශනය මෙවරත් අති සාර්ථක අයුරින් ඔක්තෝම්බර් මස 26 වන සෙනසුරාදා දවස පුරා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී සහ ශ්‍රවණාගාරය පරිශ්‍රයේ දී පැවැත්විණි. ආරාධිත පාසල් ගණනාවක බාලදක්ෂ බාලදක්ෂිකාවන් රැසකගේ සහභාගීීත්වයෙන් ඇරඹි කඳවුරෙහි, ශ්‍රී ලංකා යුධ හමුදාවේ දායකත්වයෙන් සංවිධාන කළ ත්‍රාසජනක ක්‍රියාකාරකම් රැසක් සහ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සමූූහය විසින් සංවිධාන කළ ඉසව් ගණනාවක් ආරාධිත පාසල් සඳහා පැවැත්විය. අනතුරුව සවස සමාප්ති උත්සවයෙන් පසු ගිනිමැල සංදර්ශනය ආරම්භ වූ අතර එහිදී නාලන්දා බාලදක්ෂයන්ගේ සේම ආරාධිත පාසල් ගණනාවක බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගේ දක්ෂතා එළි දක්වන්නට හැකියාව ලැබුණි. නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ආදි නාලන්දීය බාලදක්ෂයින්, ආරාධිත පාසල් වල ගුරු භවතුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.

ඡායාරූප අනුග්‍රහය :- Flexus Labs

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts