SILVER FLAMES 2018

Published On: October 28, 2018Views: 1750 Comments

කොළඹ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් සංවිධාන කෙරුණු “SILVER FLAMES 2018” බාලදක්ෂ කඳවුර සහ රාත්‍රී ගිනිමැල සංදර්ශනය මෙවරත් අති සාර්ථක අයුරින් ඔක්තෝබර් මස 28 වන ඉරිදා දින දවස පුරා විද්‍යාලයීය ක්‍රිඩාංගනයේ දී සහ ශ්‍රවනාගාර පරිශ්‍රයේ දී පැවැත්විණ. ආරාධිත පාසල් ගණනාවක බාලදක්ෂ බාලදක්ෂිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් ඇරඹි කඳවුරෙහි, ශ්‍රී ලංකා යුධ හමුදාවේ දායකත්වයෙන් සංවිධාන කළ ත්‍රාසජනක ක්‍රියාකාරකම් රැසක් සහ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් සංවිධාන කළ ඉසව් ගණනාවක් ආරාධිත පාසල් සඳහා පැවැත් විය. අනතුරුව සවස සමාප්ති උත්සවයෙන් පසු ගිනිමැල සංදර්ශනය ආරම්භ වූ අතර එහිදී නාලන්දා බාලදක්ෂයින්ගේ සේම ආරාධිත පාසල් ගණනාවක බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගේ දක්ෂතා එළි දක්වන්නට හැකියාව ලැබුණි. නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තුමන්, නියෝජ්‍ය විදුහල්පති වරුන්, ආදි නාලන්දීය බාලදක්ෂයින්, ආරාධිත පාසල්වල ගුරු භවතුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.

 

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts