“නාලන්දා බුද්ධාභිවන්දනා” වෙසක් කලාපය

මේ වනවිට රට තුල පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් , මෙවර පැවැත්වීමට නියමිත වෙසක් කලාපය කොළඹ නාලන්දා විද්‍යාලයීය බෞද්ධ සංගමය මගින් සයිබර් අවකාශය ඔස්සේ ඇසිදිසි පෙළහරක් ලෙස ශ්‍රී ලාංකීය ජනතාව වෙත තිලිණ කිරීමට සූදානම්ව සිටියී. මෙවර වෙසක් කලාපය සදහා හුදෙක් නාලන්දා පුතුන්ට පමණක් නොව, ශ්‍රී ලංකාවාසී හුදු මහත් සියලු දූ දරුවන්ටද එකසේ සම්බන්ධ විය හැක.එමෙන්ම සාමනේර පිරිවෙන් අද්‍යනවාසී ස්වාමීන්වහන්සේලා වෙනුවෙන්ද මෙම වෙසක් කලාපයේ ඉඩහසර වෙන් කර ඇත. මෙම වෙසක් කලාපය මැයි මස 07 වන වෙසක් පුන් පෝදා සිට මැයි මස 20 වන බදාදා දින දක්වා පැවැත්වේ.