XENOS`18 සහ INFINITAS 18

Published On: October 19, 2018Views: 2440 Comments

නාලන්දා විද්‍යාලයීය විද්‍යා සංගමය විසින් සෑම වසරක් පාසාම සංවිධාන කරන වාර්ෂික විද්‍යා දැනුම මිනුම තරඟාවලිය, “INFINITAS 18” ඔක්තෝම්බර් මස 04 වැනිදා ද, එහි ජයග්‍රාහකයින් අගයන්නට සංවිධාන කළ වාර්ෂික විද්‍යා දිනය මෙවර “XENOS`18” නමින් ඊයේ දින (ඔක්තෝම්බර් මස 19 වැනිදා) ද විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මහාචාර්ය රන්ගික හල්වතුර මැතිඳුන් ද ආරාධිත අමුත්තා වශයෙන් නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් සපැමිණි අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි මහාචාර්ය රන්ගික හල්වතුර මැතිතුමන් විශේෂ දේශනයක් ද පවත් වන ලදී. මෙහි දී INFINITAS 18 වාර්ෂික විද්‍යා දැනුම මිනුම තරඟාවලියෙන් අවසන් තරඟ වටය සඳහා සුදුසුකම් ලැබූ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයත් කොළඹ විශාකා බාලිකා විද්‍යාලයත් අතර අවසන් තරඟය XENOS`18 වාර්ෂික විද්‍යා දිනයේ දී පැවැත් වූ අතර එහි දී කණ්ඩායම් ද්විත්වයම ප්‍රශ්න විචාරාත්මක තරඟයකට මුහුණ දෙන ලදී. ඒ අනුව එහි දී ලබා ගත් ලකුණු ප්‍රමාණ අනුව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය ශූරතාවය දිනා ගන්නට සමත් වූ අතර කොළඹ විශාකා විද්‍යාලය අනු ශූරතාවය දිනා ගන්නට සමත් විය. එමෙන් ම පාසල තුළ පවත් වන ලද දැනුම මිනුම තරඟාවලියේ ජයග්‍රාහකයින් ඇගයීමකට ලක් කළ අතරම විද්‍යා සංගමය භාරව කටයුතු කළ චම්පිකා හනන්ගලආරච්චි ගුරු මෑණියන්ටත් මනෝජ් ප්‍රසන්න ගුරු පියාණන්ටත් සමරු ඵලක ප්‍රධානය කිරීමක් ද සිදු විය. විවිධ අංග ගණනාවකින් සමන්විත වූ විද්‍යා දිනය සඳහා නියෝජ්‍ය විදුහල්පති අජිත් වික්‍රම මැතිඳුන්, සහකාර විදුහල්පතිතුමිය, ආරාධිත පාසල් වල ගුරු භවතුන්, සිසු සිසුවියන් හා ආදී නාලන්දීයන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.

 

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts