කොරෝනා වෛරසය හෙවත් COVID-19

Published On: March 24, 2020Views: 3040 Comments

 

කොරෝනා වෛරසය (CORONA VIRUS) යනු සතුන් හෝ මිනිසුන් තුළ දරුණු රෝගාබාධ ඇති කළ හැකි වෛරස ඛාන්ඩයකි. මෙම වෛරස මගින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය(MERS) සහ දරුණු උග්‍ර ශ්වසන සින්‍ඩ්‍රෝමය(SARS) වැනි රෝග දක්වා ශ්වසන ආසාදන ඇති කරන බව හදුනාගෙන ඇත. COVID-19 (Corona Virus Deseas -19) යනු මෙම ඛාන්ඩයට අයත් වෛරසයක් මගින් ඇතිවන නව රෝගී තත්වයකි.

 ⚫COVID-19 හි වඩාත් පොදු රෝග ලක්ෂණ,

මෙහි පොදු රෝගී ලක්ෂණ වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව,උගුරේ වේදනා,උණ සහ ඇගපත සමග ඇතිවන විඩාවයි. මීට අමතරව පාචනය වැනි රොග ලක්ෂණද මේ සමගම මතු විය හැකිය. මුල් අවදියේදී මෙම රෝග ලක්ෂණ මද වශයෙන් ඇතිවී පසුව උග්‍ර අතට හැරෙන අතර ආවේණික ලක්ෂණයක් ලෙස ශ්වසන අපහසුතා ඇතිවේ. රෝග ලක්ෂණ ඇති වීම දල වශයෙන් වෛරසය ආසදනය වී සති දෙකක කාලයක් ගත වන විට සිදුවේ. නමුත් සමහර පුද්ගලයින්ට මෙම ආසාදනයට ලක් වූවත් කැපී පෙනෙන රෝගී ලක්ෂණ පෙන්නුම් නොකරයි. බොහෝ දෙනා (80% පමණ) විශේෂ ප්‍රතිකාර නොමැතිව රෝගයෙන් සුවය ලබති. COVID-19 රෝගය වැලදුනු සෑම පුද්ගලයින් 6 දෙනෙකුගෙන් 1 අයෙකු සංකූලතා වලට ලක්වීමේ අවදානමක් ඇත. වැඩිහිටි පුද්ගලයන්,ගැබිණි මාතාවන් සහ අධි රුධිර පීඩනය,දියවැඩියාව,ඇදුම සහ හෘදයාබාධ වැනි සෞඛ්‍ය ගැටළු ඇති පුද්ගලයන් හට බරපතල ලෙස මෙම රෝගයෙන් බලපෑම් ඇතිවිය හැකිය. COVID-19 ව්‍යාප්ත වන ආකාරය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය පර්යේෂණ කරනු ලබයි.

⚫ වෛද්‍යවරයකු වෙත යොමු විය යුතු අවස්ථා:

උණ,කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති අය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.

විදේශ රට වලින් පැමිණි පුද්ගලයන් හා එවැනි පුද්ගලයන් ආශ්‍රය කල පුද්ගලයන් ද වෛද්‍යවරයකු හමු වී උපදෙස් ගැනීම. සුදුසුය.

 ⚫COVID-19 වලට හේතු වන වෛරසය වාතය හරහා සම්ප්‍රේෂණය කළ හැකිද?

 මේ දක්වා කරන ලද අධ්‍යයනවලින් පෙනී යන්නේ COVID-19 වලට හේතු වන වෛරසය ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණය වන්නේ වාතය හරහා නොව ශ්වසන බිඳිති සමඟ සම්බන්ධ වීම මගින් බවයි.

 ⚫සරල පූර්වෝපායන් කිහිපයක් අනුගමනය කිරීමෙන් ඔබට COVID -19ආසාදනය වීමේ හෝ පැතිරීමේ අවදානම අඩු කර ගත හැකිය:
ගෙදරින් පිටතට යන විට මුඛ ආවරණ පැලදීම.
ඔබේ දෑත් නිතිපතා හා හොඳින් පිරිසිදු කරන්න හෝ සබන් ගා වතුරෙන් සෝදා හරින්න.
 මන්ද, සබන් හා වතුරෙන් ඔබේ අත් සේදීමෙන් ඔබේ අත්වල ඇති වෛරස් විනාශ වේ.

⚫ ඔබ සහ කැස්ස හෝ කිවිසුම් යන ඕනෑම අයෙකු අතර අවම වශයෙන් මීටර 1 (අඩි 3) දුරක් පවත්වා ගන්න.
 මන්ද?  යමෙකු කැස්ස හෝ කිවිසුම් යන විට ඔවුන්ගේ නාසයෙන් හෝ මුඛයෙන් කුඩා දියර බිංදු පිටවන අතර ඒවාහි වෛරස් අඩංගු විය හැකිය.

⚫පෘෂ්ඨයන් මත වෛරසය කොපමණ කාලයක් පවතින්නේද?

 COVID-19 වලට හේතු වන වෛරසය පෘෂ්ඨයන් මත කොපමණ කාලයක් නොනැසී පවතින්නේද යන්න නිශ්චිත ලෙස ප්‍රකාශ කළ නොහැක , නමුත් එය අනෙකුත් කිරීටක වෛරස් මෙන් හැසිරෙන බව පෙනේ.  අධ්‍යයනවලින් පෙනී යන්නේ කිරීටක වෛරස් (COVID-19 වෛරසය පිළිබඳ මූලික තොරතුරු ඇතුළුව) පැය කිහිපයක් හෝ දින කිහිපයක් දක්වා පෘෂ්ඨයන් මත පැවතිය හැකි බවයි.  මෙය විවිධ තත්වයන් යටතේ වෙනස් විය හැකිය (උදා: මතුපිට වර්ගය, උෂ්ණත්වය හෝ පරිසරයේ ආර්ද්‍රතාවය).
 
ඒ අනුව වැඩි පිරිසක් එක් ස්ථානයක රැස්ව නොවී සිටීම, යම් අයෙකු සමඟ කතා කරන විට හෝ වෙනත් ඕනෑම සම්බන්ධතාවයක් පවත්වාගන්නා විට අවම වශයෙන් 1 මීටරයක  දුරක්වත් පවත්වා ගැනීම, සෑම විටම අත් පා පිරිසුදුව තබා ගැනීම ආදිය මෙම වෛරසයෙන් බේරී සිටීම සඳහා අප විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන් කිහිපයකි.

COVID-19

LET’S_BE_AWARE

තොරතුරු මූලාශ්‍රය:- ලෝක සෞඛ්‍ය සන්විධානයේ නිල වෙබ් පිටුව

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts