ජයග්‍රාහී සුලෝහිතයෝ ඇගයේ !

Published On: August 10, 2022Views: 16200 Comments

 

92 වන ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමය ජයග්‍රහණය කළ නාලන්දා පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම ඇගයීමේ විශේෂ උත්සවයක් පසුගියදා (2022/08/09) නාලන්දා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ. ඒ සඳහා නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන්, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කීර්තිමත් ආදී නාලන්දීය දේශබන්දු රොෂාන් මහානාම මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී වූහ. මේ සඳහා සහභාගී වූ,1953 වර්ෂයේදී නාලන්දා විද්‍යාලයීය සුලෝහිත සංග්‍රාමය ජයග්‍රහණය කළ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ දැනට ජීවත්ව සිටින ක්‍රීඩකයින් පස් දෙනාගෙන් තිදෙනෙකු සඳහා විශේෂ සමරු ඵලක ප්‍රධානයක් පළමුවෙන්ම සිදුවිය. මින් අනතරුව මෙවර සුලෝහිත සංග්‍රාමය ජයග්‍රහණය කල කණ්ඩායමේ ක්‍රීඩකයන් දහසය දෙනාට, ක්‍රිකට් පුහුණුකරුවන්ට සහ ක්‍රීඩා භාර ආචාර්යවරයාට සහතික පත්‍ර, කුසලාන සහ අමාරු ඵලක ලබා දීම සිදුවිය. එමෙන්ම වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩා කල සහ එළඹෙන එංගලන්තය සමඟ පැවැත්වෙන යොවුන් තරඟාවලිය සඳහා තේරී පත්වූ නාලන්දා පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක රවීන් ද සිල්වාට සහ විනුජ රන්පුල්ට විශේෂ මුල්‍යමය ත්‍යාගයක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිරිනමන ක්‍රීඩා උපකරණ කට්ටලයක් ප්‍රධානය කිරීම ද මිට සමගාමීව සිදු කෙරිණ. සුවිශේෂීතම කාරණය වන්නේ එම තරඟාවලියේ නායකත්වය සඳහා රවීන් ද සිල්වා තෝරා පත් කරගෙන තිබීමයි. මීට අමතරව ජාතික තලයේත්, ජාත්‍යන්තර තලයේත් නාලන්දාව කීර්තියට පත් කිරීම සඳහා කටයුතු කල පිට පිට දෙවතාවක්ම ජාතික චෙස් ශුරයා බවට ද පත්වූ සුසල් ද සිල්වා සඳහා විශේෂ ඇගයීමක් ද මෙම අවස්ථාවේදී සිදු කෙරිණ.

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts