අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන්ගේ පිළිරුව නාලන්දා පින් බිමේදී නිරාවරණය කෙරේ

Published On: November 3, 2021Categories: NewsViews: 1064By

නාලන්දා විද්‍යාලයීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මගින් ඉදිකරන ලද මතු බුද්ධත්වය පතන්නා වූ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන් වහන්සේගේ ජීවමාන පිළිරුව, නාලන්දා විද්‍යාලයට වසර 96ක් සපිරුණු සදුදා දිනයේදී (11/01) නාලන්දා ගුරු සිසු අයිතියට පත් කෙරුණා. පිළිරුව නිරාවරණය කෙරුනේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහාස්වාමින්ද්‍රයන් වහන්සේගේ පිංබර දෑතින්.


නාලන්දා පිං බිමෙහි ප්‍රථම ධර්මාචාර්යයන් වහන්සේ වූ ද, මෙපිං බිමට “නාලන්දා” (සියලු ශක්තීන් එකතු වූ ස්ථානය) යන ශ්‍රී නාමය ද, “අපදාන සොභිනි පඤඤා” (නුවණ චරිතයෙන් බබලනුයේ වේ) යන ආදර්ශ පාඨය ද ලබා දුන්නේ අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මාහිමිපාණන් වහන්සේයි. තවද නාලන්දාවේ අනාගත අභිවෘද්ධිය උදෙසා නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මගින් මිලියන 4කට අධික වටිනාකමකින් යුත් ලැප්ටොප් පරිගණක 35ක් පරිත්‍යාග කිරීම ද එම දිනයේදී සිදුවුනා.

[/fusion_builder_column][/fusion_builder_row][/fusion_builder_container]

Share This Story, Choose Your Platform!

One Comment

  1. Wakjayampathi November 3, 2021 at 7:14 pm - Reply

    Best confidence

Leave A Comment

Recent Posts