නාලන්දීයන් දෙදෙනෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දක්වති

Published On: October 26, 2021Views: 2150 Comments

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ වර්තමාන ලෝක ශූරයන් බවට පත්ව සිටින බංගලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය තරග 5ට 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් විය. කොළඹ නාලන්දා විද්‍යාලය නියෝජනය කරමින් නාලන්දා පළමු පෙළ කණ්ඩායමේ නායක රවීන් ද සිල්වා සහ විනුජ රන්පුල් ද මෙම තරගාවලියට ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ උප නායකයා වශයෙන් කටයුතු කළ රවීන් ද සිල්වා තරග 5 තුළ ලකුණු 157ක් සහ කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර සිවුවන තරගයේදී පන්දු සියයකදී අගනා ලකුණු 88ක් සහ එක් කඩුල්ලක් දවා ගැනීමටද සමත් විය. ඒ අනුව රවීන් ද සිල්වා එම තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීය. එමෙන්ම නාලන්දාව නියෝජනය කරමින් තරග වැදුනු විනුජ රන්පුල් තරගාවලියේ තරග තුනක් තුළ කඩුලු 6ක් සහ ලකුණු 34ක් ලබා ගැනීමට සමත් විය.

Photo Courtesy: SLC

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts