සැමවිටම උදරාර්ථ පසකලා උදාරාර්ථ මුදුන් කොටගෙන සීමාන්තික දෘෂ්ටියෙන් එහා ගමනක් යන නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් හිටපු විදුහල්පති ගරු තිලක් වත්තුහේවා මැතිතුමාගේ සංකල්පක් යටතේ; විද්‍යාලයේ ඇඳුරු මඩුල්ලේ පූර්ණ අනුග්‍රහය යටතේ සමස්ත ශ්‍රී ලාංකීය සිසු සිසුවියන්ගේ අධ්‍යාපනයට රුකුලක් වෙමින් නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ නිල වෙබ් පිටුව හරහා රටෙහි ඕනෑම සිසු සිසුවියකගේ ප්‍රයෝජනයට ගත හැකි අයුරින්, 4 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා; සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන් ද්විත්වයෙන්ම  ප්‍රශ්න පත්‍ර 3000කට අධික සංඛයාවක් උඩුගත කොට ඇති අතර www.nccustudios.com/educational අපගේ නිල වෙබ් පිටුව හරහා ඔබටත් ප්‍රශ්නපත්‍ර ලබාගත හැක.