දිරිය දරුවන් අගයමු 2018

Published On: November 27, 2018Categories: NewsViews: 1008By

2018 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි නාලන්දීයයන් අතුරින් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් සහ ලකුණු 100 ට වඩා වැඩියෙන් ලබාගත් සිසුන් ඇගයීමේ උත්සවය “දිරිය දරුවන් අගයමු” යන මැයෙන් විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී නොවැම්බර් මස 27 වන අගහරුවාදා දින පැවැත් විය. ප්‍රාථමික අංශයේ වත්මන් සහ හිටපු ගුරු මණ්ඩලයේ ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන්ගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී 2018 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ නාලන්දා විද්‍යාලයේ හොඳම ප්‍රතිඵලය ලෙසින් ලකුණු 189 ක් ලබා ගත් මෙනුල සත්සිළු සහ ලකුණු 188 ක් ලබා ගනිමින් නාලන්දා විද්‍යාලයේ දෙවන හොඳම ප්‍රතිඵලය ලබා ගත් සදෙව් ගිම්සර යන සිසුන් දෙදෙනා විසින් විශේෂ කථා ද්විත්වයක් ද පවත් වන ලදී. තවද මෙහිදී නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් අතින් විශිෂ්ට දක්ෂතා දැක්වූ එම සිසුන් දෙදෙනා ඇතුළු සිසුන් රැසක් ඇගයීම සිදු වූ අතර එහි දී මෙම සිසුනට අකුරු කරවූ ප්‍රාථමික අංශයේ ගුරු මණ්ඩලයේ ගුරු භවතුන්  ද අැගයීමට ලක් කරන ලදී. නාලන්දා විද්‍යාලයීය 5 ශ්‍රේණියේ ගුරු භවතුන් විසින් සූදානම් කරන ලද මෙම උත්සවයේ දී ත්‍යාග සඳහා ආදි ශිෂ්‍යයන් හා මහජන බැංකුව විසින් ද දායකත්වය දක්වන ලදී. විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිතුමන්, ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පතිතුමන්, මහජන බැංකුව නියෝජනය කරමින් පැමිණි මහජන බැංකුවේ මරදාන ශාඛාවේ කළමනාකාරීතුමිය ඇතුළු මහජන බැංකුවේ නිලධාරීන්, ගුරු භවතුන්, ආදි ශිෂ්‍යයින්, සිසුන් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.

 

 

Share This Story, Choose Your Platform!

Leave A Comment

Recent Posts