Renaissance 2018

Published On: November 13, 2018Views: 1710 Comments

නාලන්දා විද්‍යාලයීය ශිෂ්‍ය නායක මුළුව විසින් සංවිධාන කළ “Renaissance 2018” ශිෂ්‍ය නායක දිනය පසුගිය ඉරිදා දින (නොවැම්බර් මස 11 වැනිදා) දවස පුරා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත් විය. දිවයිනේ පාසල් ගණනාවක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ සහභාගීත්වයෙන් ඇරඹි මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කීර්තිමත් ආදි නාලන්දීය, නාලන්දාවේ පැවැත් වූ ප්‍රථම ශිෂ්‍ය නායක දිනය සංවිධාන කළ නාලන්දාවේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක, නාලන්දා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ වත්මන් සභාපති රමල් සිරිවර්ධන මැතිතුමන් සහභාගී විය. උදෑසන සමාරම්භක උත්සවයෙන් අනතුරුව දවස පුරා විද්‍යාලයීය පරිශ්‍රයේ දී විවිධ ත්‍රාසජනක ක්‍රියාකාරකම් රැසක් පැවැති අතර ශ්‍රී ලංකා යුධ හමුදාවේ දායකත්වයෙන් සංවිධාන කළ නායකත්ව කුසලතා සංවර්ධන ඉසව් ගණනාවක් ද ආරාධිත පාසල් සඳහා පැවැත් විය. සවස සමාප්ති උත්සවයේදී ආරාධිත පාසල් ගණනාවක ශිෂ්‍ය නායක නායිකාවන් රැසක් තමන්ට ලැබුණු අත්දැකීම් පිළිබඳ නාලන්දා විද්‍යාලයීය ශිෂ්‍ය නායක මුළුවට ප්‍රශංසාව පළ කර සිටියහ. නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිනී මහේෂිකා විජේරත්න මැතිණිය, සහකාර විදුහල්පතිනී එස්.ඩබ්ලිව්.එම්.එස්.කුමාරිහාමි මැතිණිය, ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන්, ආරාධිත පාසල්වල ගුරු භවතුන්, නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නායකයින් ඇතුළු අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී විය.

 

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts