දිරිය පුතුන් අගයමු (2020)

Published On: April 1, 2021Views: 2690 Comments

අප ජීවිත ගමන තුළ අපගේ පාසල් ගමන අරඹන්නේ කඩයිම් විභාග තුනක උණුසුම සිත තුළ දරාගෙනය.එම කඩයිම් විභාග තුන අතරෙන් පළමු විභාගය පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයයි.නාලන්දා විද්‍යාලය තුළ ද ශිෂ්‍යත්ව විභාගය සමත් දිරිය පුතුන් ඇගයීම සඳහා සංවිධානය කළ උත්සවය 2021/04/01 වන දින විද්‍යාලයීය මළලසේකර රඟහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ධර්මාචාර්ය ජ්‍යෙෂ්ඨ අංශයේ සහකාර විදුහල්පති පූජ්‍ය ලැගුම්දෙනියේ සුනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් අනතුරුව ඇරඹි මෙම උළෙල සඳහා,නාලන්දා විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පති අජිත් වික්‍රම මැතිතුමන්, ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පති ජගත් අමරසිංහ මැතිතුමන්,මරදාන මහජන බැංකුව නියෝජනය කරමින් එහි ප්‍රධාන කලමනාකාරණී ඩබ්.ඒ. නිරෝෂා උදයංගිනී මැතිනියත්,එහි සහකාර ප්‍රාදේශීය කළමනාකරු සමන් රත්නායක මහතාත්,පහ ශ්‍රේණි පන්ති භාර ගුරුභවතුන් හා දෙමාපියන් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෙහිදී නාලන්දා විද්‍යාලයීය ශිෂ්‍යත්ව හපනුන් ඇඟයීම සිදු කළ අතර, එම ප්‍රතිඵලය ගෙන ඒමට වෙහෙසමින් කටයුතු කළ ගුරු භවතුන් ද ඇගැයීමට ලක්කරන ලදී.

[/fusion_builder_column][/fusion_builder_row][/fusion_builder_container]

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts