බාලදක්ෂයන්ගෙන් “හුස්මට ගසක්”

Published On: March 26, 2021Categories: NewsViews: 979By

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මෙහෙයවනු ලබන “Plant A Hope” ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 32 වන කොළඹ නාලන්දා විද්‍යාලීය බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කළ “හුස්මට ගසක්” ව්‍යාපෘතිය (2021.03.26) එනම් අද දින නාලන්දා භූමියෙහි ඉතාමත් අලංකාර ලෙස පැවැත්වුණි.

එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කීර්තිමත් ආදි නාලන්දීය හිටපු ප්‍රධාන කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතාගේ පැමිණීම සනිටුවන් විය. ආරාධිත අමුත්තන් ලෙස කොළඹ දිසා  කොමසාරිස් අමිල් අබේසුන්දර මහතාත්, සහය දිසා කොමසාරිස් සම්පත් විජේසිංහ මහතාත් එමෙන්ම නාලන්දා විද්‍යාලයීය  වත්මන් වැඩ බලන විදුහල්පතිනි මහේෂිකා විජේරත්න මැතිණියනුත් සහභාගි විය.

පැමිණි සිටි සියලු දෙනා තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටුවමින් කෙටි අනුශාසනාවක් සිදු කිරීම නාලන්දා විද්‍යාලීය ප්‍රධාන ධර්මාචාර්ය ලැගුම්දෙනියේ සුනන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ සැපත් වීමෙන් සිදු වූ අතර, පිළිගැනීමේ කතාව කොළඹ දිසා කොමසාරිස් අමිල් අබේසුන්දර මහතා සිදු කරන ලදී.ඉන් අනතුරුව 32 වන කොළඹ නාලන්දා විද්‍යාලීය බාලදක්ෂ සමූහයේ කනිෂ්ඨ, ජේෂ්ඨ, පෝතක බාලදක්ෂයින් හා බාලදක්ෂයින්ගේ දෙමව්පියන් විසින් කුඹුක්, කරඹ, මී ආදී වශයෙන් වූ අනාගතයට වටිනා ශාක පාසල් භූමියේ රෝපණය කරන ලද්දේ සියල්ලන්ටම ඉතාමත් වටිනා පණිවිඩයක් සහ ආදර්ශයක් ලබා දෙමිනි.

Share This Story, Choose Your Platform!

Leave A Comment

Recent Posts