දෙවන පාසල් වාරය ආරම්භය ලබන 29 වැනිදා

Published On: April 23, 2019Views: 2190 Comments

2019 වසරේ පළමු පාසල් වාරය නිමවීමෙන් පසු ලබා දුන් අලුත් අවුරුදු නිවාඩුව, තවත් දින 5 ක් දීර්ඝ කර තිබේ. ඒ අනුව, රජයේ සියලු පාසල් දෙවන අධ්‍යනය වාරය සඳහා විවෘත කිරීම අප්‍රේල් මස 29 වැනි සඳුදා දින සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබේ. මේ වනවිට රට තුළ පවතින ආරක්ෂක තත්වය සලකා මෙම තීරණය ගෙන තිබේ.

පළමු අධ්‍යනය වාරයෙන් අනතුරුව අලුත් අවුරුදු නිවාඩුව සඳහා වසා දැමුණු සියලු රජයේ පාසල්, දෙවන අධ්‍යනය වාරය සඳහා ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පසුගිය අප්‍රේල් මස 22 වන සඳුදා දින දීය. කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් මස 21 වැනි දින දිවයින පුරා සිදු වූ පිපිරීම් හේතුවෙන්, සියලුම පාසල් අප්‍රේල් මස 22 වන සඳුදා සහ 23 වන අඟහරුවදා යන දිනයන්හි වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරන ලදී. නමුත් රටේ වත්මන් ආරක්ෂක තත්වය සලකා බලා හෙට දින(අප්‍රේල් 24) විවෘත කිරීමට තිබූ රජයේ සියලුම පාසල් ලබන 29 වන දා විවෘත කරන තෙක් වසා දැමීමට තීරණය කර තිබේ.

 

වැඩිදුර තොරතුරු සඳහා;

Ministry of Education – Sri Lanka

 

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts