මාර්ග ධාවන තරඟය 2019

Published On: February 10, 2019Views: 2280 Comments

නාලන්දා විද්‍යාලයීය වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ මාර්ග ධාවන තරඟය අද දින (පෙබරවාරි මස 10 වැනිදා) උදෑසන විද්‍යාලයීය ක්‍රීඩා පිටියෙන් ආරම්භ විය. සුපුරුදු මාර්ගය ඔස්සේ පැවති මාර්ග ධාවන තරඟය සඳහා එක් එක් නිවාසය නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් තරඟ වැදුනහ. ගරු විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙවර මාර්ග ධාවන තරඟයේ ප්‍රථම ස්ථානය චන්ද්‍ර නිවාසය දිනාගන්නට සමත් වූ අතර දෙවන සහ තෙවන ස්ථාන ද්විත්වයම තමන් සතු කරගන්නට නන්ද නිවාසය සමත් විය. ඒ අනුව තරඟය ජයග්‍රහණය කළ ක්‍රීඩකයින්ගේ ස්ථානයන් පිළිවෙළින් මෙසේයි.

  1. කේ.එල්.ආර්.ටී.ගුණවර්ධන – චන්ද්‍ර නිවාසය
  2. ඩී.උදාර රණවීර – නන්ද නිවාසය
  3. ආර්.එම්.එස්.එස්.රත්නායක – නන්ද නිවාසය
  4. එස්.දිනෙත් ගුණසේකර – චන්ද්‍ර නිවාසය
  5. එන්.එච්.ඩී.දිල්ශාන් පෙරේරා – චන්ද්‍ර නිවාසය
  6. සී.ඩී.ඒ.වික්‍රමරත්න – මෞර්යය නිවාසය
  7. ඩී.ඩී.කරුණාරත්න – නන්ද නිවාසය
  8. ඒ.ජී.නිපුන් ආකාශ් – නන්ද නිවාසය
  9. සදින් සස්මින – මෞර්යය නිවාසය
  10. චමෝද් සන්දීප – සූර්යය නිවාසය

ඒ අනුව මෙවර මාර්ග ධාවන තරඟයේ වැඩි ස්ථාන ප්‍රමාණයක් නන්ද නිවාසය දිනාගන්නට සමත් විය. සිසුන්, ශිෂ්‍ය නායකයින්, ගුරු භවතුන්, හිටපු නියෝජ්‍ය පොලිස්පති ආදි නාලන්දීය සුමිත් එදිරිසිංහ මැතිතුමන් ඇතුළු ආදි ශිෂ්‍යයන්, ආදි නාලන්දීය වෛද්‍ය සංගමයේ නිලධාරීන් හා සාමාජිකයින් මෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා තම දායකත්වය ලබාදුන්හ.

For More Photos @ Nalanda College Photographic Art Society

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts