අ.පො.ස. (සා.පෙළ) ඉතිහාසය විෂය යනු සංකීර්ණ විෂයක් වන බව අප සැවොම දන්නා කරුණකි. එවන් වූ විෂය ධාරාවක් ඉතා සරල ලෙස වටහාගන්නේද ඉතා සුලු පිරිසකි. මේ වන විට එවන් වූ බැරෑරුම් විෂය පද්ධතියක් උදෙසා ඉතා අගනා කෘතියක් නාලන්දා විද්‍යාලයීය සිසුවෙකු රචනා කර අද (21) දින එලිදැක්වීම සිදු විය. මේ වන විට නාලන්දා විද්‍යාලයේ ගණිත අංශයේ අධ්‍යාපනය ලබන ප්‍රවීන් මනුප්‍රිය සිසුවා විසින් මෙම කෘතිය නිමවා ඇති අතර නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී මෙම කෘතිය එතුමන් අතට පත් වීම සිදු විය. අ.පො.ස.(සා.පෙළ.) ඉතිහාසය විභාග ප්‍රශ්න පත්‍රය ඉලක්ක ගත කොට නිමවා ඇති මෙය ඉතා අගනා කෘතියක් ලෙස හදුන්වා දිය හැකිය. දැනුම ප්‍රකාශන කෘතියක් ලෙස කල එළි බසින මෙය මේ වන විට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේදී හා නාලන්දා විද්‍යාලයීය පොත්හලේදී ඉතා අඩු මුදලකට ලබා ගැනීමට අවකාශය සලසා ඇත.