ලෝක ළමා දිනය සැමරූ නාලන්දීයන්

Published On: October 3, 2020Views: 3490 Comments

අනාගතයේ ලක් දෙරණ භාර ගන්නට සිටිනා, පිපෙන්නට වෙර දරන මල් කැකුලු වන් අපේම දරුවන් වෙනුවෙන් සෑම වර්ෂයකම ඔක්තෝබර් මස පලමු වැනිදා ලෝක ළමා දිනය බවට ප්‍රකාශයට පත් කර ඇති බව ඔබ අප සැවොම දන්නා කරුණකි. සෑම වර්ෂයකම පාහේ මෙවරත් ලෝක ළමා දිනය අති උත්කර්ෂවත් ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේදී සමරනු ලැබිනි. මෙවර ඔක්තෝබර් මස පලමු වැනිදා පොහොය දිනයක් ලෙස යෙදී තිබුනු බැවින් එම සැමරීම සැප්තැම්බර් මස 30 වැනිදා අති උත්කර්ෂවත් ලෙස සිදු විය. එහි සමාරම්භක උත්සවය වශයෙන් විද්‍යාලයීය මලලසේකර රගහලේදී 2 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය දරුවන් වෙනුවෙන් වැඩසටහනක් පැවත්විනි. එහිදී ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුලසූරිය මහතා විසින් හාස්‍යෝත්පාදක වැඩසටහනක් සිසුන් වෙනුවෙන් ඉදිරිපත් කරන ලදී. එය කාගේත් සිත් ගන්න සුලු වැඩසටහනක් බවට පත් විය. ඉන් අනතුරුව 9 සහ 10 ශ්‍රේණිය දරුවන් වෙනුවෙන් මැජික් සංදර්ශනයක් ද මලලසේකර රඟහලේදී පැවැත්විණි. ඉන් පසුව 11 ශ්‍රේණිය සිසුන් වෙනුවෙන් වීදි නාට්‍යයක් රඟ දැක්වුනු අතර සිසුන් ඒ කරා එක් රොක් වූයේ ඉතාමත් ප්‍රීතියෙනි. එමෙන්ම උසස් පෙළ කලා හා වාණිජ අංශයේ සිසුන් වෙනුවෙන් සංගීතමය වැඩසටහනක් ද ශ්‍රවනාගාරයේදී පැවත්විනි. උසස් පෙළ විද්‍යා ගණිත අංශයෙහි සිසුන් වෙනුවෙන් සිසුන්ගේ කලා කෞශල්‍යයන් ඉදිරිපත් කිරීම සදහා වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර ඒ සදහා ද සිසුන් බොහෝ ප්‍රමාණයක් සහභාගී විය. ඉන් අනතුරුව නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් ගෙන ආ DJ සංගීතමය වැඩසටහනද කාගේත් සිත් ගත් වැඩසටහනක් බවට පත් විය. පසුව ඔක්තෝබර් 2වන දින ද නාලන්දා විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සහ 2 ශ්‍රේණියේ අපේම පුංචි මල්ලිලා වෙනුවෙන් ලෝක ළමා දින සැමරුම සිදු කෙරුනා. ඒ අනුව පෙර වර්ෂයන් සේම මෙම වර්ෂයේදීත් ලෝක ළමා දිනය අති උත්කර්ෂවත් අයුරින් නාලන්දා විද්‍යාලය තුලදී පැවත්විනි.

 

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts