ප්‍රතිසංස්කරණය කළ නව පුස්තකාල පරිශ්‍රය විවෘත කිරීම සහ නාලන්දා සඟරාව එළි දැක්වීමේ උත්සවය දා…

Published On: September 28, 2018Views: 2460 Comments

නාලන්දා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද නව පුස්තකාල පරිශ්‍රය විවෘත කිරීම සහ නාලන්දා සඟරාව එළි දැක්වීමේ උත්සවය 2018 වර්ෂයේ සැප්තැම්බර් මස 27 වන දින, එනම් අද දින ප්‍රතිසංස්කරණය කරන ලද විද්‍යාලයීය ද්විතියික අංශයේ පුස්තකාල පරිශ්‍රයේ සිදු විය. ඒ සඳහා නාලන්දා විද්‍යාලයේ ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන්, ලීමා ආයතනයේ ගරු කලමණාකාර අධ්‍යක්ෂ, ආදී නාලන්දීය චන්න විජේසේකර මැතිතුමන්, ලීමා ආයතනයේ අධ්‍යක්ෂක, ආදී නාලන්දීය ශමික විජේසේකර මැතිතුමන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය. නාලන්දා විද්‍යාලයීය ධර්මාචාර්ය ස්වාමින් වහන්සේලාගේ පිරිත් සජ්ඣායනාවන් මධ්‍යයේ ප්‍රතිසංස්කරණය වූ පුස්තකාල පරිශ්‍රය සිසු අයිතියට පත් කෙරිණ. තවද මෙහිදී නාලන්දා විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ විධායක සභාපති සංජීව පෙරේරා මැතිතුමන්ගේ සුරතින් රුපියල් ලක්ෂ දෙකක මුල්‍යමය පරිත්‍යාගයක් නාලන්දා විද්‍යාලයීය පුස්තකාල සඳහා පොත් මිලදී ගැනීමට පරිත්‍යාග කල අතර, මෙම පුස්තකාලය ප්‍රතිසංස්කරණය කිරීමට දායක වූ ලීමා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ආදී නාලන්දීය චන්න විජේසේකර මැතිතුමන් විසින් රචිත තාක්ෂණික කරුණු ඇතුලත් පොත් කිහිපයක් ද නාලන්දා විද්‍යාලයීය පුස්තකාල සඳහා ප්‍රදානය කෙරිණ.
තවද මෙහිදී සිදු වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස නාලන්දා සඟරාව එළිදැක්වීම හැඳින්විය හැක. වසර ගණනාවක් ඇන හිට තිබු නාලන්දා ද්වි මාසික සඟරාව ත්‍රෛමාසික සඟරාවක් ලෙසින් ප්‍රකාශයට පත්කරන්නට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය විසින් කටයුතු කරන ලදී. ගරු විදුහල්පතිතුමන්ගේ සහ නියෝජ්‍ය විදුහල්පතිනියගේ මඟ පෙන්වීම යටතේ දියත් වූ මෙම සඟරාවේ අනුශාශක ධූරය හොබවන ලද්දේ නාලන්දාවේ ධර්මාචාර්ය ලගුම්දෙනියේ සුනන්ද හිමියන් විසිනි. තවද මෙහි සෝදුපත් බැලීමේ සහ සංස්කරණ කටයුත්තෙන් වාසනා පයාගල ගුරු මෑණියන් ද, අයෝමි කන්දෙගෙදර ගුරු මෑණියන්ද,
ඩී. අලස් ගුරුමෑණියන්ද, ආර්. පී. සමරදිවාකර ගුරුමෑණියන්ද දායකත්වය දැක්වූ අතර ව්‍යාපෘතිය මෙහෙයවන ලද්දේ අශෝක ධර්මදාස ගුරුපියාණන් විසිනි. තවද නාලන්දා ද්විමාසික සඟරාවේ පළ වූ ‘නාලන්දා පුරාණය’ ලිපි පෙළ නාලන්දා ත්‍රෛමාසික සඟරාවට නැවත වතාවක් රචනා කරන්නට ආදී නාලන්දීය ඩෝල්ටන් වක්වැල්ල මහතා කටයුතු කරන ලදී. මෙම නාලන්දා සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කරනු ලැබුවේ, නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ වත්මන් සභාපති චේතිය කෝරල සිසුවා විසිනි. මෙම නාලන්දා සඟරාවේ සංස්කාරක මණ්ඩලය ලෙස කටයුතු කරන ලද්දේ නිපුන් රන්දික ද සිල්වා, කුලන හිමන් කුමාසරු, හර්ෂණ පනාගොඩ, ප්‍රභාත් තරංග සහ විදුෂාන් හීනටිමුල්ල යන නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ නිලධාරි මණ්ඩලය විසිනි. මෙම සඟරාව සඳහා ඡායාරූප සැපයීම විද්‍යාලයීය ඡායාරූප හා කලා සංගමය සිදුකල අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රණ කටයුතු කරවා දෙන ලදී.

මෙම නාලන්දා සඟරාව, නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය වෙතින් ත්‍රෛමාසිකව ඔබට මිලදී ගැනීමේ හැකියාව පවතී.

https://www.facebook.com/nccustudios/posts/2291568477572639

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts