Congratulations Dheepal De Silva

Published On: May 17, 2025Categories: NewsViews: 708By

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය පිළිබඳ වසර 35 කට අධික පළපුරුද්දක් ඇති මෙතුමා සිප් සතර හදාරන ලද්දේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් බැංකුකරණය හා මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාවද, ශ්‍රී ලංකා මහා බැංකුවෙන් භාණ්ඩාගාර හා විදේශ විනිමය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවද, ඉන්දියාවේ ණය ශ්‍රේණිගත කිරීමේ තොරතුරු සේවාවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය පිළිබඳ පාඨමාලාවද, සිකීම් මනිපාල් තාක්ෂණ ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති වැඩසටහනක්ද සම්පූර්ණ කර ඇති මෙතුමා මීට පෙර සහකාර ප්‍රධාන කළමනාකරු, නියෝජ්‍ය ප්‍රධාන කළමනාකරු (මෙහෙයුම් හා ශාඛා), ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ප්‍රධාන කළමනාකරු (මෙහෙයුම් හා ශාඛා) ආදී තනතුරු දරමින් විශාල කාර්‍යභාර රැසක් සම්පත් බැංකුවේ උන්නතිය වෙනුවෙන් සිදු කර ඇත.

සම්පත් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙස අභිනවයෙන් වැඩ භාරගත්, ආදි නාලන්දීය, දීපාල් ද සිල්වා මැතිතුමනි, ඹබතුමන්ට සමස්ත නාලන්දාවේම සුභාශිංසනය!

#NCCUStudios
#38YearsOfDominatus
#SampathBank
#NalandaCollege
#මේසියවසේවසරයි

Share This Story, Choose Your Platform!

Leave A Comment

Recent Posts