IMMUNATION ’19

Published On: October 19, 2019Views: 1760 Comments

මතින් තොර නිදහස් මනසින් දකිමු රටේ අනාගතය” යන තේමාව පෙරදැරිව නාලන්දා විද්‍යාලයීය සෞඛ්‍යදාන ඒකකය මගින් පවත්වනු ලබන IMMUNATION ’19 – සෞඛ්‍යදාන දිනය ඔක්තෝම්බර් මස 18 වැනි සිකුරාදා අතිඋත්කර්ෂවත් අන්දමින් නාලන්දා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කීර්තිමත් ආදි නාලන්දීය විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මැතිතුමන් සහභාගී වූ අතර එතුමන් විසින් රැස්ව සිටි පිරිස සඳහා සුවිශේෂී කෙටි හරවත් දේශනයක් ද පවත්වන ලදී. එමෙන්ම සහභාගී වූ සියලු දෙනාගේම මනස තුළ වෛද්‍ය විද්‍යාව පිළිබඳව වෙනස්ම ආකල්පයක් ගොඩනඟමින් ආදි නාලන්දීය වෛද්‍ය අනුප ද සිල්වා මැතිතුමන් විසින් හරවත් දේශනයක් පවත්වන ලද අතර ආදි නාලන්දීය සතික ද සිල්වා මැතිතුමන් විසින් ද ආකර්ෂණීය හරවත් දේශනයක් පවත්වන ලදී. මෙම උත්සවය සඳහා ආරාධිත පාසල් රැසක් සහභාගී වූ අතර උත්සවයට සමගාමීව ආරාධිත පාසල් උදෙසා ලිඛිත හා ප්‍රයෝගික යන අංශ වලින් තරඟ ද පැවැත්වීමට නාලන්දා විද්‍යාලයීය සෞඛ්‍යදාන ඒකකය කටයුතු කරන ලදී. ඒ අනුව පැවති තරඟවල ප්‍රතිඵල අනුව, IMMUNATION ’19 හි සමස්ථ ශූරතාවය හිමි කරගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් වූ අතර අනු ශූරතාවය දිනා ගැනීමට කොළඹ මියුසියස් විද්‍යාලය සමත් විය. තවද එහි තෙවන ස්ථානය දිනා ගැනීමට කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය සමත් විය. මෙම වැඩසටහනට සහභාගී වූ සියලු ම ආරාධිත පාසල් සඳහා සහභාගීත්වය අගයමින් සහතික පත්‍ර ලබා දීමට ද නාලන්දා විද්‍යාලයීය සෞඛ්‍යදාන ඒකකය කටයුතු කරන ලදී. මේ සඳහා ගරු විදුහල්පතිතුමන් ද, නියෝජ්‍ය විදුහල්පතිතුමන් ද, සහකාර විදුහල්පතිතුමන් ද, සෞඛ්‍යදාන ඒකකය භාර ආචාරිණී සුරනි නාගොඩ හා කල්‍යාණි රත්නායක යන ගුරුමෑණිවරුන් ද, සෞඛ්‍යදාන ඒකකය භාරව කටයුතු කළ හිටපු භාර ආචාරිණී සමුද්‍රා දෙහිදෙණිය ගුරුමෑණියන් ද, තරංගනී කුලතුංග ගුරුමෑණියන් ද, ආරාධිත පාසල්වල ගුරුභවතුන් ද, ආරාධිත පාසල්වල සිසු සිසුවියන් හා සංගමයේ වත්මන් සහ ආදි ශිෂ්‍යයින් රැසක් ද මේ සඳහා සහභාගී වූහ. 

 

 

 

 

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts