Renaissance 2019

Published On: October 7, 2019Views: 1880 Comments

නාලන්දා විද්‍යාලයීය ශිෂ්‍ය නායක මුළුව විසින් සංවිධාන කළ “Renaissance 2019” ශිෂ්‍ය නායක දිනය පසුගිය ඉරිදා දින (ඔක්තෝම්බර් මස 6 වැනිදා) දවස පුරා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත් විය. දිවයිනේ පාසල් ගණනාවක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ සහභාගීත්වයෙන් ඇරඹි මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 2009 සිට 2011 දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ, හිටපු නාවික හමුදාපති අද්මිරාල් තිසර සමරසිංහ RSP, VSV, USP, NDC, PSC මැතිතුමන් සහභාගී වූ අතර ගෞරවනීය ආරාධිත අමුත්තා වශයෙන් The Institute Of Charted Accountant Of Sri Lanka හි කවුසිල සාමාජික, ආදි නාලන්දීය දුලිත පෙරේරා මැතිතුමන් ද සහභාගී විය. උදෑසන සමාරම්භක උත්සවයෙන් අනතුරුව දවස පුරා විද්‍යාලයීය පරිශ්‍රයේ දී විවිධ ත්‍රාසජනක ක්‍රියාකාරකම් රැසක්  ආරාධිත පාසල්වල ශිෂ්‍ය නායක නායිකාවන් උදෙසා පැවැත්විණි. සවස සමාප්ති උත්සවයේ දී ආරාධිත පාසල් ගණනාවක ශිෂ්‍ය නායක නායිකාවන් රැසක් තමන්ට ලැබුණු අත්දැකීම පිළිබඳව නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍ය නායක මුළුවට ප්‍රශංසා පළ කර සිටියහ. ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන්, නියෝජ්‍ය විදුහල්පති ඉසුරු උපමාල් මැතිතුමන්, සහකාර විදුහල්පතිනි එස්.ඩබ්ලිව්.එම්.එස් කුමාරිහාමි මැතිණිය, ශිෂ්‍ය නායක මුළුව භාර ආචාර්යවරුන් දෙපළ, ආරාධිත පාසල් වල ගුරු භවතුන්, නාලන්දා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය නායකයින් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී විය.

https://www.facebook.com/media/set/?set=a.3148119798593083&type=3

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts