17වන එම්.ඩබ්.කරුණානන්ද හොකී අභියෝගතා කුසලානය 2018

Published On: October 27, 2018Views: 2450 Comments

කොළඹ නාලන්දා විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය අතර 17 වන වරටත් සංවිධානය කෙරෙන එම්.ඩබ්.කරුණානන්ද අභියෝගතා කුසලානය සඳහා වූ හොකී තරඟය මෙවරත් 2018 වර්ෂයේ ඔක්තෝබර් මස 27 වන සෙනසුරාදා දින, එනම් ඊයේ දිනයේ කොළඹ කෘතිම හොකී තරඟ පිටියේදී පැවැත්විණ.මෙම හොකී තරඟය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණියේ මේජර් ජනරාල් ඩඩ්ලි වීරමන් මහතාය.ඔහු 1981 වර්ෂයේ නාලන්දා විද්‍යාලයේ හොකී කණ්ඩායමේ නායකයා වශයෙන්ද කටයුතු කර ඇත. තවද මෙම තරගය සදහා විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන් ඔශේනියා හොකී සංගමයේ උපසභාපති,සොලමන් අයිලන්ඩ්හී හොකී සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා සහභාගි විය.මෙම හොකී තරගය ලකුණු 2-0ක් ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයීය හොකී කණ්ඩායම ජයග්‍රහණය කළ අතර තරගයේ වීරයා ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩී.ඩී.ඩී අල්විස් ක්‍රීඩකයා තේරීපත් විය.කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා සහ ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩා පරිපාලක මහේන්ද්‍ර ගොඩකුඹුර මහාතාද විශේෂ ආරාධිතයන් වශයෙන් මේ තරගය සදහා සහභාගි විය.මෙවර මෙම හොකී තරඟය සඳහා සත්කාරකත්වය දරනු ලැබුවේ ආදි නාලන්දීය හොකී සංගමයයි.

 

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts