Nalanda College Commiunication Unit

Nalanda College Communication Unit

Beyond The Expectations

ලොව දිනූ නාලන්දියෙක්

නාලන්දීයන් සැමවිටම ඉදිරියෙන් සිටින්නේ රටක් අබිබවා ලෝකය ජයගන්නට තරම් ඔවුනට ශක්තියක් තිබූ බැවිනි. ඒ ආකාරයටම නාලන්දාවෙන් අධ්‍යාපනය ලබා ඉදිරියටම ගමන් කළ තවත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අද වන විට නාලන්දාවට තවත් ගෞරවයක් ලබාදීමට සමත් වී ඇත. එතුමන් නාලන්දා කීර්ති ශ්‍රී මහාචාර්ය චන්දන ජයරත්න මහතායී. ශ්‍රී ලංකාවේ අකුණු පර්යේෂණයෙහි පුරෝගාමියෙකු වූ එතුමන් මොරටුව පිහිටි ආතර්.සී ක්ලාක් නූතන තාක්ෂණ ආයතනයෙහි උපදේශකවරයෙකු ලෙසද සේවය කර ඇත. තාරකා විද්‍යා අංශයෙන්ද, විශාල පර්යේෂණ ගණනාවක් සිදුකළ එතුමා හට කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ ,විද්‍යා පීඨයේ ,පීඨාධිපති ධූරය පිරිනමන ලදී. නාලන්දාවට තවත් මෙවන් වූ අභිමානයක් ලබාදීම වෙනුවෙන් සමස්ත නාලන්දාවේ සුභාසිංශන.

By |2022-11-11T05:05:17+05:30July 28, 2020|News|0 Comments

නාලන්දා විද්‍යාලයේ සියලුම පන්ති කාමර හා විද්‍යාල භූමිය විෂබිජහරණ වැඩසටහන

කීර්තිමත් ආදි නාලන්දීය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීම [...]

By |2022-11-11T05:06:37+05:30July 8, 2020|News|0 Comments

රණවිරුවන්ගේ සුව සහනයට දිරියක් වු නාලන්දාව

පැතිරයමින් පවතින covid-19 වසංගත තත්ත්වය හේතුවෙන් ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්හි නිවාඩු අවලංගු කිරීමත් සමගම එම හමුදා නිලධාරීන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සම්බන්ධව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හමුවේ අප පාසලද තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතයට ගන්නා ලදී. අප පාසලේ ප්‍රාථමික අංශයේ කොටසක නේවාසිකව සිටින නාවික හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීමටත් ඔවුන්ගේ ඕනෑ එපාකම් පිළිබඳ සොයා බැලීමටත් නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය කටයුතු කළ අතර එහිදී එදිනෙදා ඔවුනට අවශ්‍ය විෂබීජ නාශක දියර සහ මුහුණු ආවරණ තොගයක් ලබාදීමට අප සංගමය විසින් කටයුතු කරන ලදී.

By |2022-11-11T05:09:08+05:30May 17, 2020|News|0 Comments

“රටක් වටින පොතක්” ලිවීමේ ජාතික වැඩසටහන

නිර්මාණශීලී දරු පරපුරක් බිහිකිරීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දියත් කරනු ලබන "රටක් වටින පොතක්" ලිවීමේ ජාතික වැඩසටහනට ඔබත් සහභාගි වන්න. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත්කරන ලද චක්‍රලේඛය පහත දක්වා ඇත

By |2022-11-11T05:10:26+05:30May 14, 2020|News|0 Comments

“නාලන්දා බුද්ධාභිවන්දනා” වෙසක් කලාපය

මේ වනවිට රට තුල පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් , මෙවර පැවැත්වීමට නියමිත වෙසක් කලාපය කොළඹ නාලන්දා විද්‍යාලයීය බෞද්ධ සංගමය මගින් සයිබර් අවකාශය ඔස්සේ ඇසිදිසි පෙළහරක් ලෙස ශ්‍රී ලාංකීය ජනතාව වෙත තිලිණ කිරීමට සූදානම්ව සිටියී. මෙවර වෙසක් කලාපය සදහා හුදෙක් නාලන්දා පුතුන්ට පමණක් නොව, ශ්‍රී ලංකාවාසී හුදු මහත් සියලු දූ දරුවන්ටද එකසේ සම්බන්ධ විය හැක.එමෙන්ම සාමනේර පිරිවෙන් අද්‍යනවාසී ස්වාමීන්වහන්සේලා වෙනුවෙන්ද මෙම වෙසක් කලාපයේ ඉඩහසර වෙන් කර ඇත. මෙම වෙසක් කලාපය මැයි මස 07 වන වෙසක් පුන් පෝදා සිට මැයි මස 20 වන බදාදා දින දක්වා පැවැත්වේ.

By |2022-11-11T05:13:16+05:30May 4, 2020|News|0 Comments

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ , නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිඳුන්ට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ සුභ පැතුම් !

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ , නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිඳුන්ට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ සුභ පැතුම් !

By |2022-11-11T05:14:58+05:30March 17, 2020|News, Uncategorized|0 Comments

නාලන්දාවට එක් වූ ශිෂ්‍යත්ව හපනුන්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩයිම් විභාගයෙන් දස්කම් පෑ පුංචි හපනුන් රාශියක් අතරින් 100 කට අධික පිරිසක් 2020 ජනවාරි මස 20 වන දින එක් නාලන්ද මව් සෙවණට එක් විය.

By |2022-11-11T05:18:10+05:30January 21, 2020|News|0 Comments
Go to Top