සමස්ථ නාලන්දාවේ උත්තමාචාරය.
නාලන්දාවේ යශෝරාව දසත පතුරවමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ වත්මන් ප්‍රධාන කොමසාරිස් ලෙස පත් වූ මේජර් ජෙනරාල් මිලින්ද පි. පිරිස් මහතාණනි ඔබට සමස්ථ නාලන්දාවේ උත්මාචාරය.
නාලන්දාවේ යශෝරාව දසත පතුරවමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ වත්මන් ප්‍රධාන කොමසාරිස් ලෙස පත් වූ මේජර් ජෙනරාල් මිලින්ද පි. පිරිස් මහතාණනි ඔබට සමස්ථ නාලන්දාවේ උත්මාචාරය.
ජාත්‍යන්තරය ජයගත් අපේ නාලන්දියන් නාලන්දා විද්‍යාලයීය 2020 වර්ෂයේ ප්‍රථම ප්‍රධාන රැස්වීම 2020 වර්ෂයේ ජනවාරි මස 07 දින විද්‍යාලයීය ප්‍රධාන පීඨිකාවේ පැවැත්විය. එහි මුලික අරමුණ වුයේ නාලන්දාවේ යශෝරාවය දසත පැතිරවූ කීර්තිමත් නාලන්දා පුතුන්ගේ ඇගයීමයි.
නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ වාර්ෂික සභා රැස්වීම සහ 2019/2020 වර්ෂ [...]
නාලන්දා විද්‍යාලයේ 2019/2020 වසර සඳහා වන නව ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීමේ උත්සවය හා දියුරුම් දීම නොවැම්බර් මස 20 වැනිදා පැවති විශේෂ උදැසන රැස්වීමේදී සිදුවිය.
කොළඹ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සමුහය විසින් සංවිධාන කෙරුණු " SILVER FLAMES 2019" බාලදක්ෂ කඳවුර සහ රාත්‍රී ගිනිමැල සංදර්ශනය මෙවරත් අති සාර්ථක අයුරින් ඔක්තෝම්බර් මස 26 වන සෙනසුරාදා දවස පුරා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී සහ ශ්‍රවණාගාරය පරිශ්‍රයේදී පැවැත්විණි.
"නාලන්දා සේයා '19" ඡායාරූප හා කලා දිනය නාලන්දා විද්‍යාලයීය මලලසේකර රඟහලේ දී පසුගිය 24 වැනි දා පැවැත්විණි.
නාලන්දා විද්‍යාලයීය සෞඛ්‍යදාන ඒකකයේ IMMUNATION '19 - සෞඛ්‍යදාන දිනය ඔක්තෝම්බර් මස 18 වැනි දා අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
නාලන්දා විද්‍යාලයීය ශිෂ්‍ය නායක මුළුව විසින් සංවිධාන කළ "Renaissance 2019" ශිෂ්‍ය නායක දිනය පසුගිය ඉරිදා දින (ඔක්තෝම්බර් මස 6 වැනිදා) දවස පුරා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත් විය.
2019 වර්ෂයේ ඔක්තෝම්බර් මස 07 වැනිදා නාලන්දා විද්‍යාලයට නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව දන්වා සිටී.
මහා බ්‍රිතාන්‍යයේ නයිට් පදවියකින් පිදුම් ලද කීර්තිමත් ආදි නාලන්දීය, විශේෂඥ වෛද්‍ය සරත් මැල්කම් සමරගේ මැතිතුමන් පිළිගැනීමේ උත්සවයක් අද දින (ඔක්තෝම්බර් මස 04 වැනිදා) විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේ දී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.