Latest and the all news updates
Opening of the newly constructed building of Hettikanda Primary College, Rathnapura
Nalanda College Scout Troop constructed a new school building for [...]
Latest and the all news updates
Nalanda College Scout Troop constructed a new school building for [...]
නාලන්දීයන් සැමවිටම ඉදිරියෙන් සිටින්නේ රටක් අබිබවා ලෝකය ජයගන්නට තරම් ඔවුනට ශක්තියක් තිබූ බැවිනි. ඒ ආකාරයටම නාලන්දාවෙන් අධ්‍යාපනය ලබා ඉදිරියටම ගමන් කළ තවත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අද වන විට නාලන්දාවට තවත් ගෞරවයක් ලබාදීමට සමත් වී ඇත. එතුමන් නාලන්දා කීර්ති ශ්‍රී මහාචාර්ය චන්දන ජයරත්න මහතායී. ශ්‍රී ලංකාවේ අකුණු පර්යේෂණයෙහි පුරෝගාමියෙකු වූ එතුමන් මොරටුව පිහිටි ආතර්.සී ක්ලාක් නූතන තාක්ෂණ ආයතනයෙහි උපදේශකවරයෙකු ලෙසද සේවය කර ඇත. තාරකා විද්‍යා අංශයෙන්ද, විශාල පර්යේෂණ ගණනාවක් සිදුකළ එතුමා හට කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ ,විද්‍යා පීඨයේ ,පීඨාධිපති ධූරය පිරිනමන ලදී. නාලන්දාවට තවත් මෙවන් වූ අභිමානයක් ලබාදීම වෙනුවෙන් සමස්ත නාලන්දාවේ සුභාසිංශන.
කීර්තිමත් ආදි නාලන්දීය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීම [...]
පැතිරයමින් පවතින covid-19 වසංගත තත්ත්වය හේතුවෙන් ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්හි නිවාඩු අවලංගු කිරීමත් සමගම එම හමුදා නිලධාරීන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සම්බන්ධව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හමුවේ අප පාසලද තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතයට ගන්නා ලදී. අප පාසලේ ප්‍රාථමික අංශයේ කොටසක නේවාසිකව සිටින නාවික හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීමටත් ඔවුන්ගේ ඕනෑ එපාකම් පිළිබඳ සොයා බැලීමටත් නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය කටයුතු කළ අතර එහිදී එදිනෙදා ඔවුනට අවශ්‍ය විෂබීජ නාශක දියර සහ මුහුණු ආවරණ තොගයක් ලබාදීමට අප සංගමය විසින් කටයුතු කරන ලදී.
නිර්මාණශීලී දරු පරපුරක් බිහිකිරීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දියත් කරනු ලබන "රටක් වටින පොතක්" ලිවීමේ ජාතික වැඩසටහනට ඔබත් සහභාගි වන්න. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත්කරන ලද චක්‍රලේඛය පහත දක්වා ඇත
The Scout Troop of Nalanda College is one of the most prominent & leading organizations within Sri Lanka in the field of scouting. They have rendered an excellent and remarkable service to the field of Scouting in Sri Lanka, during the last 52 years.
මේ වනවිට රට තුල පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් , මෙවර පැවැත්වීමට නියමිත වෙසක් කලාපය කොළඹ නාලන්දා විද්‍යාලයීය බෞද්ධ සංගමය මගින් සයිබර් අවකාශය ඔස්සේ ඇසිදිසි පෙළහරක් ලෙස ශ්‍රී ලාංකීය ජනතාව වෙත තිලිණ කිරීමට සූදානම්ව සිටියී. මෙවර වෙසක් කලාපය සදහා හුදෙක් නාලන්දා පුතුන්ට පමණක් නොව, ශ්‍රී ලංකාවාසී හුදු මහත් සියලු දූ දරුවන්ටද එකසේ සම්බන්ධ විය හැක.එමෙන්ම සාමනේර පිරිවෙන් අද්‍යනවාසී ස්වාමීන්වහන්සේලා වෙනුවෙන්ද මෙම වෙසක් කලාපයේ ඉඩහසර වෙන් කර ඇත. මෙම වෙසක් කලාපය මැයි මස 07 වන වෙසක් පුන් පෝදා සිට මැයි මස 20 වන බදාදා දින දක්වා පැවැත්වේ.
කොරෝනා වෛරසය (CORONA VIRUS) යනු සතුන් හෝ මිනිසුන් තුළ දරුණු රෝගාබාධ ඇති කළ හැකි වෛරස ඛාන්ඩයකි. මෙම වෛරස මගින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය(MERS) සහ දරුණු උග්‍ර ශ්වසන සින්‍ඩ්‍රෝමය(SARS) වැනි රෝග දක්වා ශ්වසන ආසාදන ඇති කරන බව හදුනාගෙන ඇත. COVID-19 (Corona Virus Deseas -19) යනු මෙම ඛාන්ඩයට අයත් වෛරසයක් මගින් ඇතිවන නව රෝගී තත්වයකි.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ , නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිඳුන්ට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ සුභ පැතුම් !
91 වන සුලෝහිත සංග්‍රාමයට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුව පසුගිය 26 වන දින නාලන්දා විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේ පැවැත්විණි.